Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ තර්ස්ටන් විදුහල සමත් විය.
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී කොළඹ රාජකීය විදුහලට ලකුණු 57 ක ජයක් අත්කර ගනිමින් තර්ස්ටන් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
එහිදී තර්ස්ටන් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට කසුන් අබේරත්න (62) සහ ඉමේෂ් විරංග (51) සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිතර වූ නවීන් ගුණවර්ධන සහ සඳරු ඩයස් කඩුලු 3 බැගින් දවාගත්හ.
තර්ස්ටන් විදුහල - ඕවර 47.4 කදී සියලු දෙනා දැවී 208
(කසුන් අබේරත්න 62, ඉමේෂ් විරංග 51, චරන නානායක්කාර 25, උමේක්ෂ දිල්ෂාන් 35/3)
රාජකීය විදුහල - ඕවර 40.2 කදී සියලු දෙනා දැවී 151
(ලක්ෂිත රසාංජන 44, දසුන් සෙනෙවිරත්න 31, කළණ කත්‍රිආරච්චි 23, නවීන් ගුණවර්ධන 16/3, සඳරු ඩයස් 20/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.