Last Update  :  2025-07-05 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තර්ස්ටන් විදුහලට පළමු ඉනිමේ ජයක්

තර්ස්ටන් විදුහලට පළමු ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ තර්ස්ටන් විදුහල සහ යක්කල ශ්‍රී චන්ද්‍රජෝති විදුහල අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට තර්ස්ටන් විදුහල සමත් විය. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ තර්ස්ටන් විදුහලේ දිනෙත් චමින්ද සහ නිලූප රන්දීව් කඩුලු 3 බැගින් දවාගනිමින් චන්ද්‍රජෝති විදුහලේ පළමු ඉනිම ලකුණු 68 කට සීමා කළහ. 

චන්ද්‍රජෝති විදුහල් පළමු ඉනිම - ඕවර 35.1 කදී සියලු දෙනා දැවී 68 
(දිනෙත් චමින්ද 07/3, නිලූප රන්දීව් 12/3) 

තර්ස්ටන් විදුහල් පළමු ඉනිම - ඕවර 24 කදී කඩුලු 8 ක් දැවී 163 
(රෙවිඳු පෙරේරා 43, මිලිත් කොටාවිට නොදැවී 24, ගනිද සමරනායක 22, දුමිෂ්ක හිරුෂාන් 15/2) 

චන්ද්‍රජෝති විදුහල් දෙවැනි ඉනිම - ඕවර 16 කදී කඩුලු 4 ක් දැවී 16 

 


අදහස් (0)

තර්ස්ටන් විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.