Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරගාවලියට අයැදුම්පත් කැඳවයි

තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ශනුක අරවින්ද - 2018 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්වර්ණ ජයන්ති (50 වැනි) සැමරුම් ජාතික කැරම් ශූරතාවලිය සඳහා තරගවදින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් බාරගැනීම මෙම 13 වැනිදා දක්වා සිදු කෙරේ. කොහුවල පිහිටි කැරම් සම්මේලන මූලස්ථානයේදී මෙම 14 වැනිදා තරගාවලියේ සැළැස්ම පිළියෙල කෙරේ.

කැරම් ක්‍රීඩාව පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට සහභාගී විය හැකි බව කැරම් සම්මේලනය පවසයි. තරගාවලිය මෙම ජනවාරි 20 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

අයදුම් පත් කැරම් සම්මේලන මූලස්ථානයෙන් ලබා ගත හැකිය. කැරම් සම්මේලනයේ තරග ලේකම් අමිතා වික්‍රමසිංහ මහත්මිය ඇමතීමෙන් (0712193287) තරගාවලිය පිළිබඳව තොරතුරු ලබාගත හැකිය.

 


අදහස් (0)

තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.