වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘ඒ’ කොටසේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට ටීජේ ලංකා, හැටන් නැෂනල් බැංකුව ‘ඒ’, එල්.බී. ෆිනෑන්ස් සහ කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ යන කණ්ඩායම් අද (19 වැනිදා) සමත්විය.
අද තරග හතරක් පැවැති අතර ඉන් තරග තුනක්ම වර්ෂාව හේතුවෙන් අතරමග නතර කිරීමට සිදුවූ නිසා විසඳුමකින් තොරව අවසන්විය. මොරටුව ද සොයිසා ක්‍රීඩාගණයේදී පැවැති තරගයට වරින් වර වර්ෂාව ඇති වුවද ජෝන් කීල්ස් ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ ක්‍රීඩකයෝ සමත් වූහ.
විසඳුමකින් තොරව අවසන්වූ තරග තුනේ ප්‍රතිවාදීන් අතුරින් ලීග් තරගාවලියේ ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව ඉහළින් සිටි කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගත්හ. ඒ අනුව ටීජේ ලංකා, හැටන් නැෂනල් බැංකුව ‘ඒ’ සහ එල්.බී. ෆිනෑන්ස් යන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
මෙම කණ්ඩායම් හතරින් ජයලබන කණ්ඩායම් දෙක සහ ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින මාස් යුනිචෙලා සහ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම් අවසන් පූර්ව වටයට පිවිසෙති.
කැන්රිච් ෆිනෑන්ස්ට කඩුලු 6 ක ජයක්
ජෝන් කීල්ස් - ඕවර 36.1 කදී සියලුදෙනා දැවී ලකුණු 157
(දිමුත් කරුණාරත්න 36, භානුක රාජපක්ෂ 31, මුතුමුදලිගේ පුෂ්පකුමාර 10/3, රොෂාන් අනුරුද්ධ 16/2, කවිඳු කුලසේකර 32/2)
කැන්රිච් ෆිනෑන්ස් - ඕවර 33.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 153
(ඕෂධ ප්‍රනාන්දු නොදැවී 62, කසුන් විදුර 24, පැතුම් නිස්සංක 23, මදුක ලියනපතිරණ 23/3)
සම්පත් බැංකුව - ටීජේ ලංකා විසඳුමකින් තොරයි
සම්පත් බැංකුව - ඕවර 42 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 252
(රුමේෂ් බුද්ධික 70, අවිශ්ක ප්‍රනාන්දු 26, දිනුක් වික්‍රමණායක 26, ලක්ෂාන් සඳකැන් 49/2, කසුන් මදුශංක 17/2)
ටීජේ ලංකා - ඕවර 18 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 102
(තිසර ගිම්හාන නොදැවී 34, කිත්රුවන් විතානගේ 34, ඩිලාන් ජයලත් 29, හසන්ත ප්‍රනාන්දු 08/2)
ඩීමෝ ලංකා - හැටන් නැෂනල් බැංකුව විසඳුමකින් තොරයි
ඩිමෝ ලංකා - ඕවර 38 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 188
(අශාන් දිනිඳු 66, නිපුන් කරුණානායක 25, බුද්ධී පෙරේරා 28/2, සජීව වීරකෝන් 38/2)
හැටන් නැෂනල් බැංකුව - ඕවර 19 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 103
(රවිඳු නිර්මාල් 35, සමීර සොයිසා 32, ප්‍රමෝද් හේට්ටිහේවා 31/2)
හේලීස් ගෲප් - එල්.බී.ෆිනෑන්ස් විසඳුමකින් තොරයි
හේලීස් ගෲප් - ඕවර 26.2 කදී සියලුදෙනා දැවී ලකුණු 114
(ලිසුල ලක්ෂාන් 26, චානක රුවන්සිරි 21, චරිත් සුධාරක 39/4, ඇන්ජලෝ පෙරේරා 20/3, රජීව වීරසිංහ 20/2)
එල්.බී.ෆිනෑන්ස් - ඕවර 14 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 113
(ඉසුරු උදාන 80)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.