Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හොරණ ශ්‍රී පාලි විදුහල සහ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය අතර ශ්‍රී පාලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 131 ජයක් වාර්තා කිරීමට ශ්‍රී පාලි විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශ්‍රී පාලි විදුහලේ තරිඳු හිමසර ලකුණු 26 කට කඩුලු 11 ක් දවාගත් අතර එම විදුහලේම දිනුක වන්නිආරච්චි (නොදැවී 128) ශතකයක් ලබාගත්තේ දක්ෂ පිතිහරඹයක නිතර වෙමිනි.
ශ්‍රී පාලි විදුහලේ බිනූ ජිනජිත් අර්ධ ශතකයක් ලබාගනිමින් (නොදැවී 64) සහ ලකුණු 04 කට කඩුලු 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.
ආනන්ද ශාස්ත්‍රාල පළමු ඉනිම - ඕවර 24 කදී සියලු දෙනා දැවී 27
(බිනූ ජිනජිත් 04/4, තරිඳු හිමසර 04/4)
ශ්‍රී පාලි විදුහල් පළමු ඉනිම - ඕවර 19.1 කදී කිසිවකු නොදැවී 204
(දිනුක වන්නිආරච්චි නොදැවී 128, බිනූ ජිනජිත් නොදැවී 64)
ආනන්ද ශාස්ත්‍රාල දෙවැනි ඉනිම - ඕවර 35 කදී සියලු දෙනා දැවී 46
(තරිඳු හිමසර 22/7, දිනුක වන්නිආරච්චි 22/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.