Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තමාරා - වික්ටෝරියා දැල්පන්දු කිරුළට සටනේ

තමාරා - වික්ටෝරියා දැල්පන්දු කිරුළට සටනේ

editorial - 2024 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මැයි 30 වැනිදා කැඳවෙන ශ්‍රී ලංකා දැල්පන්දු (නෙට්බෝල්) සම්මේලනයේ (2024 – 26) නිලවරණය සඳහා පාර්ශ්ව දෙකක් පෙරේදා (22) නාමයෝජනා ඉදිරිපත් කර සිටියේය.

එහි විශේෂත්වය දැල්පන්දු සම්මේලනයේ දීර්ඝතම කාලයක් සභාපති ධුරය දැරූ තමාරා ධර්මකීර්ති හේරත් මහත්මිය වසර ගණනාවකට පසුව නැවත ඒ සඳහා ඊයේ නාමයෝජනා ඉදිරිපත් කර සිටීමයි.

හිටපු සභාපතිනියක් වන ට්‍රික්‍ෂි නානායක්කාර මහත්මියගේද සහය ලබා ගනිමින් ඇය මෙවර නිලවරණයට ඉදිරිපත්ව සිටින බව වැඩිදුරටත් වාර්තාවේ. ඒ අතර වත්මන් සභාපතිනි ලක්‍ෂමි වික්ටෝරියා මහත්මිය නැවත ධුරය සඳහා ඊයේ නාමයෝජනා බාර දුන්නාය.

ඇය ආසියානු දැල්පන්දු සම්මේලනයේ වත්මන් සභාපතිනියද වන අතර ඇයට සහය පළ කරමින් හිටපු ජ්‍යෙෂ්ඨතම දැල්පන්දු පරිපාලන නිලධාරිනියක් වන ඔලිවියා මාලිනී ගමගේ මහත්මියද සභාපති ධුරයට නාමයෝජනා ඊයේ ඉදිරිපත් කර සිටියාය.


අදහස් (0)

තමාරා - වික්ටෝරියා දැල්පන්දු කිරුළට සටනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.