Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තණමල්විල රන්සිළු ඔලිම්පික් සංචිතයට

තණමල්විල රන්සිළු ඔලිම්පික් සංචිතයට

editorial - 2024 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(බිබිල විශේෂ කේෂර ගුණතිලක)

තණමල්විල ජාතික පාසලේ 11 වැනි වසරේ ඉගෙනුම ලබන රන්සිළු ඉඳුසර සූරියබණ්ඩාර උසපැනීමේ ඉසව්වෙන් විශිෂ්ට දස්කම් දක්වා 2028 වසරේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා පුහුණු සංචිතයට තේරීපත්ව ඇත. පසුගියදා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවති උත්සවයේදී ඒ බැව් ප්‍රකාශයට පත්කෙරිණි.

රන්සිළු ඉඳුසර තණමල්විල අධ්‍යාපන කලාපයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අභිෂේක ලබා තිබේ. විදුහල්පති එම්.ඩබ්ලිව් බස්නායක මහතාගේ මඟ පෙන්වීම මත විදුසරගේ නයන විරාජ් මහතා ඉඳුසරගේ ක්‍රීඩා පුහුණුකරු ලෙස කටයුතු කරයි.

රන්සිළු ඉඳුසර සූරියබණ්ඩාර ක්‍රීඩා සහ අධ්‍යාපන කටයුතු සමබරව කරගෙනයන බවත් විවිධ ක්‍රීඩා තරගවලදී විශිෂ්ට දස්කම් දක්වා ඇති බවත් නියෝජ්‍ය විදුහල්පති ගයානී අරියතිලක මහත්මිය පැවසුවාය.


අදහස් (0)

තණමල්විල රන්සිළු ඔලිම්පික් සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.