Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තිවංක අර්ධ අවසන් පූර්ව වටයට

තිවංක අර්ධ අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ඉසව්වේ කිලෝ ග්‍රෑම් 46-49 බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ තිවංක රණසිංහ සමත් විය.

අද පැවැති මූලික වටයේ තරගයකදී දකුණු අප්‍රිකාවේ සියබුලෙලා පොන්ගොෂි පරාජය කරමින් තිවංක, තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. සියබුලෙලා සහ තිවංක අතර පැවැති මූලික වටයේ තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තද, අවසානයේ විනිසුරුවන් 5 දෙනාගෙන් සිවුදෙනෙකුගේම වැඩි ලකුණු තිවංකට හිමිවිය.

ලබන 10 වැනිදා පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී වැනිවාටු දේශයේ බෙරී නම්රිට එරෙහිව තිවංක තරග බිමට පිවිසීමට නියමිතය.


- 036

 


අදහස් (0)

තිවංක අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.