Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තිලංකට ලෝකඩ පදක්කම නූලෙන් අහිමිවෙයි

තිලංකට ලෝකඩ පදක්කම නූලෙන් අහිමිවෙයි

ශනුක අරවින්ද - 2018 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක් වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඉසව් ආරම්භක දිනය වූ අද (5 වැනිදා) බර ඉසිලීමේ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 62 (පිරිමි) බර පංතිය යටතේ තරග වැදුණ තිලංක විරාජ්ට එම බර පංතියේ ලෝකඩ පදක්කම අහිමිවී ගියේ නූලෙනි.

අවසන් උත්සාහයන් දෙකම (කිලෝ ග්‍රෑම් 160) අසාර්ථක වීම නිසා ඔහුට සිවුවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. ස්නැච් ක්‍රමයට එසවූ කිලෝ ග්‍රෑම් 124 සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට එසවූ කිලෝ ග්‍රෑම් 155 ත් සමග එහිදී තිලංක එසවූ මුලු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 279 කි.

එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට මැලේසියාවේ මුහමද් අස්නිල් (කිලෝ ග්‍රෑම් 288) සමත් වූ අතර පැපුවා නිවුගිනියාවේ මොරියා බාරු (කිලෝ ග්‍රෑම් 286) රිදී පදක්කමට හිමිකම් කීවේය. එහි ලෝකඩ පදක්කම දිනාගන්නා ලද්දේ කිලෝ ග්‍රෑම් 283 ක බරක් එසවූ පාකිස්තානයේ තල්හා තලීබ් විසිනි.  

තිලංකගේ ඉසව්වට පෙර පැවැති බර ඉසිලීමේ ඉසව්වලදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 2 ක් දිනාදීමට චතුරංග ලක්මාල් (කිලෝ ග්‍රෑම් 248) සහ දිනුෂා හංසනී ගෝමස් (කිලෝ ග්‍රෑම් 155) සමත් වූහ.

කිලෝ ග්‍රෑම් 56 (පිරිමි) බර පංතිය යටතේ තරග වැදුණ චතුරංග, එහිදී ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 114 ක්ද, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 134 ක්ද එසවීය. කිලෝ ග්‍රෑම් 48 (කාන්තා) බර පංතිය යටතේද තරග වැදුණ දිනුෂා, එහිදී ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 70 ක්ද, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 85 ක්ද එසවූවාය.

 

-036

 


අදහස් (0)

තිලංකට ලෝකඩ පදක්කම නූලෙන් අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.