Last Update  :  2025-09-04 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තිස්ස විදුහලට ඉනිමක ජයක්

තිස්ස විදුහලට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2017 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී හලාවත ශාන්ත මේරී විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 35 ක ජයක් හිමිකර ගැනීමට කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (28 වැනිදා) සමත්විය. මෙම තරගය කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ඉනිම දෙකේදීම කඩුලු 6 බැගින් දවාගත් කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ රොහාන් සංජය ලකුණු 101 කට කඩුලු 12 ක් දවාගනිමින් තම පාසල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

රමේෂ් මදුශංක (85), මිතිර තේනුක (75) සහ සංජන ලංකා (73) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

ශා. මේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී ලකුණු 124
(දිලූශාන් ජයසංක 51, රොහාන් සංජය 36/6, සචින් හිමාෂ් 03/2)

තිස්ස ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 59 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 315
(රමේෂ් මදුශංක 85, මිතිර තේනුක 75, සංජන ලංකා 73, උදිත් හිරුෂික 111/4, හෂාන් තාරුක 36/2)

ශා. මේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37.1 කදී සියලුදෙනා දැවී ලකුණු 155
(රොෂේන් මාධව 64, රොහාන් සංජය 65/6, සචින් හිමාෂ 42/3)


අදහස් (0)

තිස්ස විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.