Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තිස්ස ඉනිම ලකුණු 121 කට සීමා වෙයි

තිස්ස ඉනිම ලකුණු 121 කට සීමා වෙයි

රොෂාන් ගුණරත්න - 2017 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කළුතර තිස්ස විදුහල සහ කළුතර විද්‍යාලය අතර කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 59 වැනි ‘මැංගුස් සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (24 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි කළුතර විද්‍යාලය කඩුලු 4 ක් දැවී ලකුණු 131 ක් ලබා සිටියේය. 


ඒ අනුව කළුතර විද්‍යාලය කඩුලු 6 ක් අතැතිව තිස්ස විදුහලට වඩා ලකුණු 10 ක් ඉදිරියෙන් සිටින අතර කවිඳු ගයාෂාන් ලකුණු 50 ක්ද, දුමිත් නිම්හාන් ලකුණු 42 ක්ද රැස්කරමින් කළුතර විද්‍යාලයීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 


කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ තිස්ස විදුහලේ පළමු ඉනිම ලකුණු 121 කට සීමා කිරීමට ධනුක නිම්හාන ප්‍රමුඛ කළුතර විද්‍යාලයීය කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත් වූහ. 


දක්ෂ පන්දු යැවීමක නිතර වූ ධනුක නිම්හාන ලකුණු 30 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් වූ අතර තිස්ස විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනිගි සහායක් දුන් චානුක ලක්ෂාන් සහ ඉම්ෂක සිරිවර්ධන කඩුලු 2 බැගින් දවාගත්හ. 


තිස්ස විදුහල පළමු ඉනිම - ඕවර 36.2 කදී සියලු දෙනා දැවී 121  
(නිලුපුල් දර්ෂන 28, ධනුක නිම්හාන 30/5, චානුක ලක්ෂාන් 46/2, ඉම්ෂක සිරිවර්ධන 15/2) 


කළුතර විද්‍යාලය පළමු ඉනිම - ඕවර 49 කදී කඩුලු 4 ක් දැවී 131 
(කවිඳු ගයාෂාන් 50, දුමිත් නිම්හාන් 42) 

 


අදහස් (0)

තිස්ස ඉනිම ලකුණු 121 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.