Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තිලාන්ගේ ශතකයට වූස්ටර්ෂයර්ට ජය ගෙනේ

තිලාන්ගේ ශතකයට වූස්ටර්ෂයර්ට ජය ගෙනේ

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 6 Comment
A A A

වූස්ටර්ෂයර් පිල සහ ලෙස්ටර්ෂයර් පිල අතර එංගලන්තයේ ලෙස්ටර්ෂයර්හිදී පැවති එංගලන්ත ප‍්‍රාන්ත ශූරතාවලියේ පළමු පෙළ තරගයකදී වූස්ටර්ෂයර් පිල වෙනුවෙන් නොදැවී ලකුණු 144ක් රැස් කිරීමට ශී‍්‍ර ලංකා පිලේ හිටපු ටෙස්ට් පිතිකරු තිලාන් සමරවීර සමත් විය.

එංගලන්තයේ අන්තර් ප‍්‍රාන්ත තරගාවලියට සහභාගි වන තිලාන් වූස්ටර්ෂයර් පිල නියෝජනය කරයි.

පළමුව පන්දුවට පහර දුන් ලෙස්ටර්ෂයර් පිල පළමු ඉනිම සඳහා රැස් කර ගත හැකි වූයේ සියලූ දෙනා දැවී ලකුණු 274කි.

වූස්ටර්ෂයර් පිලේ පළමු ඉනිම සඳහා තිලාන් සමරවීර හතරේ පහර 17ක් සමගින් නොදැවී ලකුණු 144ක් රැස් කර ගත් අතර, ටොම් ෆෙල් හතරේ පහර 14ක් සමගින් ලකුණු 84ක් ලබාගත්තේය. මෙම පිතිකරුවන් දෙදෙනා අතර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 181 කි.

ලෙස්ටර්ෂයර් පිල දෙවන ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 248 ක් රැුස් කර ගත්තද වූස්ටර්ෂයර් කී‍්‍රඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 185 ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට සමත් වූහ.

ලෙස්ටර්ෂයර් පළමු ඉනිම - සියලූ දෙනා දැවී ලකුණු 274
(නෙඞ් එක්කස්ලි 106, ජොෂුවා කොබ් 44, නියාල්  ඕබ්‍්‍රයන් 31, ඇලන් රිචඞ්සන් 57/5)

වූස්ටර්ෂයර් පළමු ඉනිම - සියලූ  දෙනා දැවී ලකුණු 338
(තිලාන් සමරවීර නොදැවී 144, ටොම් ෆෙල් 84, මොයීන් අලී 25, මැතිව් හෝගාඞ් 62/4)

ලෙස්ටර්ෂයර් දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී ලකුණු 248
(නෙඞ් එක්කස්ලි 119, ජේම්ස් සික්ස් 32, ජැක් ශන්ති‍්‍ර 53/4, ගී‍්‍රම් චෙස්ෆෝඞ් 56/3)

වූස්ටර්ෂයර් දෙවැනි ඉනිම - කඩුලූ 1 ක් දැවී ලකුණු 185
(මැතිව් පාර්ඩෝ නොදැවී 76, මොයීන් අලී නොදැවී 63, ඩාර්ලි මිචෙල් 35)


අදහස් (6)

තිලාන්ගේ ශතකයට වූස්ටර්ෂයර්ට ජය ගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.