Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ති‍්‍රවිධ හමුදා - කෝල්ට්ස් අවසන් පූර්ව වටයට එති

ති‍්‍රවිධ හමුදා - කෝල්ට්ස් අවසන් පූර්ව වටයට එති

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් කී‍්‍රඩා සමාජ පළමු පෙළ කාන්තා එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට ගුවන් හමුදාව, කෝල්ට්ස්, නාවික සහ යුද හමුදා කණ්ඩායම් සමත් වූහ.

අගෝස්තු 4 දා වැනිදා ගුවන් හමුදාව සහ කෝල්ට්ස් කණ්ඩායම අතර කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදීත්, නාවික හමුදාව සහ යුද හුදාව අතර වෙළෙඳසේවා ක‍්‍රීඩාංගණයේදී අදාළ අවසන් පූර්ව තරග පැවැත්වේ. අවසන් මහා තරගය අගෝස්තු 6 වැනිදා කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ පළමු වටයේ ප‍්‍රසාද ලකුණු සටහන අනූව අපරාජිතව පෙරමුණ ගැනීමට ගුවන් හමුදා ක‍්‍රීඩිකාවෝ සමත් වූහ. ගුවන් හමුදාව සහභාගි වූ තරග පහෙන් හතරක් ජයගත් එක් තරගයක් තීරණයක් රහිතව අවසන් වීම හේතුවෙන් ප‍්‍රසාද ලකුණු 21 ක් සහිතව පළමු තැනට පත්විය. දෙවැනි ස්ථානයට පත්වූ නාවික හමුදා කණ්ඩායම තරග පහකදි ජයග‍්‍රහණ හතරක් සහ එක් පරාජයක් සමග ප‍්‍රසාද ලකුණු 20 ක් ලබා අවසන් පූර්ව තරගය අවස්ථාව හිමිකරගෙන තිබේ.

යුද හමුදා කණ්ඩායම තරග පහකදී ජයග‍්‍රහණ තුනක් සහ පරාජයන් දෙකක් සමග ප‍්‍රසාද ලකුණු 15 ක් ලබා තෙවැනි ස්ථානයද කෝල්ට්ස් ක‍්‍රීඩා සමාජය තරග පහකදී ජයග‍්‍රහණ දෙකක් සහ පරාජයන් තුනක් සමග ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා සිව්වැනි ස්ථානය දිනා ගනිමින් අවසන් පූර්ව තරගය අවස්ථාව හිමිකරගෙන තිබේ.

033


අදහස් (0)

ති‍්‍රවිධ හමුදා - කෝල්ට්ස් අවසන් පූර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.