Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තිස්ස මැදි විදුහල මුල් ඉනිම ජයගනී

තිස්ස මැදි විදුහල මුල් ඉනිම ජයගනී

Nisanka Sandeepani - 2018 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වෙන්නප්පුව ශාන්ත ජොෂප් වාස් විදුහල සහ කළුතර තිස්ස මැදි විදුහල අතර වෙන්නප්පුව ඇල්බට් එෆ්. පිරිස් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට තිස්ස මැදි විදුහල සමත් විය. 

එහිදී තිස්ස මැදි විදුහලේ අංජන ද සිල්වා (නොදැවී 58) සහ පවර සිල්වා (54) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම කවින් ප්‍රනාන්දු ලකුණු 32 කට කඩුලු 3 ක් දවාගත්තේය. 

ශාන්ත ජොෂප් වාස් විදුහල - පළමු ඉනිම - ඕවර 52.4 කදී සියලු දෙනා දැවී 186 
(විශ්ව රාජපක්ෂ 49, මෙනූෂ පෙරේරා 46, සහිර ද සොයිසා 33, කවින් ප්‍රනාන්දු 32/3, උරේෂ් සල්ගාදු 30/2, පසිඳු සිල්වා 38/2) 

කළුතර තිස්ස මැදි විදුහල - පළමු ඉනිම - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 218 
(අංජන ද සිල්වා නොදැවී 58, පවර සිල්වා 54, ඉෂංක සිල්වා 39) 

-036


අදහස් (0)

තිස්ස මැදි විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.