Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩෙලන් පරතරය වැඩිකර ගනී

ඩෙලන් පරතරය වැඩිකර ගනී

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් 4G- සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2018) 19 වැනි සතිය නිමාවන විට තවදුරටත් කාණ්ඩ තුනේම පෙරමුණ රැක ගැනීමට ඉකුත් සතියේදී එම කාණ්ඩවල පෙරමුණේ පසුවූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්ව සිටිති. නොවැළැක්විය හැකි හේතුවක් නිසා මෙම සතියේදී කූපන්පත් මගින් පළ කළ මනාප පමණක් සැලකිල්ලට ගෙන ඇති අතර අන්තර්ජාලය ඔස්සේ පළ කර තිබූ මනාප ලබන සතියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමස්ත ඡන්ද ගොන්නට එක්වනු ඇත.

මේ වන විට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ඩෙලන් පීරිස් ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 547 ත් සමග මේ වන විට ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 22,706 කි. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සචින් සිල්වා මේ වන විට ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 13,686 ක් වන අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇත්තේ ඡන්ද 9 ක් පමණි. ඒ අනුව ඩෙලන් සහ සචින් අතර පැවැති ඡන්ද පරතරය 9,020 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ විහන් ගුණසේකර සහ කොළඹ ආනන්ද විදුහලේ අසේල් සිගේරා පිළිවෙලින් ඡන්ද 4,667 ක් සහ 3,058 ක් බැගින් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල රැදී සිටිති.

නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින කොළඹ කේරි විදුහලේ දෙනුවන් පෙරේරා ඡන්ද 11,775 ක් ලබා සිටින අතර රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහලේ කෙනුල ගුණරත්න ඡන්ද 8,454 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ. ගෙවී ගිය සතියේදී ඡන්ද 404 ක් ලබාගැනීමට දෙනුවන් සමත්ව ඇති අතර එහිදී කෙනුල ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 877 කි.

බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින නුගේගොඩ අනුලා විදුහලේ හර්ෂිතා සමරවික්‍රම සිය ඡන්ද සංඛ්‍යාව 7,266 ක් දක්වා වර්ධනය කරගෙන ඇති අතර එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගම්පහ රත්නාවලී විදුහලේ පබසරා රණබාහු ලබා සිටින ඡන්ද සංඛ්‍යාව 6,293 කි. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පවතින පරතරය ඡන්ද 933 කි.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර් සහ ඬේලි එෆ්.ටී. යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. www.dialog.lk/cricket  යන වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමටද පාඨකයන්ට අවස්ථාව හිමිවේ.

කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේත් පළකෙරේ.

 

 

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ

1 දිල්හාන් විජේරත්න, 277/බී, පහළ කරගහමූන, කඩවත
2 ටී. කොස්පැලවත්ත, ශ්‍රී ධීරානන්ද මාවත, ඇලපාත (රත්නපුර හරහා)
3 විරාජ් ප්‍රේමරත්න, 87, මහ වීදිය, අලව්ව
4 පද්ම කරුණාතිලක, 475/5, තිඹිරිගස්යාය පාර, කොළඹ

- 036


අදහස් (0)

ඩෙලන් පරතරය වැඩිකර ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.