Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩී.එස්.අයි. සුපර්ස්පෝට්ස් වොලිබෝල් තරග මාලාවට අයැදුම්පත් කැඳවයි

ඩී.එස්.අයි. සුපර්ස්පෝට්ස් වොලිබෝල් තරග මාලාවට අයැදුම්පත් කැඳවයි

editorial - 2023 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

වයස් කාණ්ඩ පහකින් සහ බාලක හා බාලිකා ඉසව් 10 කින් සමන්විත අන්තර් පාසල් ඩී.එස්.අයි. සුපර්ස්පෝට්ස් වොලිබෝල් තරග මාලාව සඳහා අප්‍රේල් 25 වැනිදා දක්වා අයැදුම්පත් බාර ගැනේ.

තරග මාලාවේ මූලික වටය හෙවත් දිස්ත්‍රික් තරග මාලාව ලබන මැයි 13 සහ 14 දෙදින ආරම්භ කර ජුනි 20 වැනිදා වන විට අවසන් කිරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය එක්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියෙන් මෙම තරගාවලිය පැවැත්වේ. ඩී.එස්.අයි. පාවහන් නිෂ්පාදකයක් වන ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ අනුග්‍රාහයෙන් මෙවරත් තරග මාලාව සංවිධානය කෙරේ. වසරේ පැවැත්වෙන ප්‍රධානතම කනිෂ්ඨ වොලිබෝල් තරග මාලාව සඳහා ඩී.එස්.අයි. අනුග්‍රහය ලැබෙන්නේ 21 වැනි වතාවටත්ය.

1999 දී කණ්ඩායම් 198 කින් ආරම්භ කළ තරග මාලාව සඳහා මෙවරත් පෙර වසරවල දී මෙන් කණ්ඩායම් 4000 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වනු ඇතැයි තරග සංවිධායකයෝ අපේක්‍ෂා කරති.

තරග අයැදුම්පත් දිවයිනේ සීයලුම ඩී.එස්.අයි. පාවහන් අලෙවි ප්‍රදර්ශනාගාර වෙතින් ලබාගත හැකිය. ඒ හැරෙන්නට වොලිබෝල් සම්මේලනයේ දිස්ත්‍රික් සම්බන්ධිකාරකවරුන්ගෙන් ද ලබාගත හැකිය. එවැනි සම්බන්ධිකාරකවරුන් 25 දෙනකු තරගාවලියේ සේවය සඳහා යොදා තිබේ.

වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතාට අයත් asnalaka@gmail.com විද්‍යුත් තැපෑල ඔස්සේ ද ඩී.එස්.අයි. පාසල් වොලිබෝල් තරග මාලාව පිළිබඳව තොරතුරු ලබාගත හැකිය. මහරගම, නාවින්න, හයිලෙවල් පාරේ අංක 257 ස්ථානයේ පිහිටි අනුග්‍රාහක ආයතනයේ අලෙවි දෙපාර්තමේන්තුවට තරග අයැදුම්පත් සම්පූර්ණ කර තැපෑලෙන් යොමු කිරීමේ පහසුකම් ද සළසා දී තිබේ.

ජාතික ක්‍රීඩාවේ හෙට දවසේ දක්‍ෂයන් හඳුනාගෙන මෙම තරග මාලාව සඳහා ලබාදෙන අනුග්‍රහය වසරෙන් වසර ඉහළ දැමීමට සිදුවුවත් එය ජාතික කර්තව්‍යයක් ලෙස සළසා සිය සමාගම ඉටුකරන බව කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී අනුග්‍රහක ඩී. සැම්සන් සහ පුත්‍ර (පෞද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ තුසිත රාජපක්‍ෂ මහතා පැවසීය.

අවසන් මහ තරගවල ශූරයන් හා ශූරියන්, අනු ශූරතාලාභී හා තෙවැනි ස්ථාන ලබන කණ්ඩායම් සඳහා රුපියල් ලක්‍ෂයේ සිට ත්‍යාග මුදල් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.  

අන්තර් පාසල් ඩී.එස්.අයි. සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරග මාලාව පැවැත්වෙන ආකාරය.


තරග මාලාව පැවැත්වීමට සැළසුම් කර තිබෙන ආකාරය

මැයි 13 සිට ජුනි 20 දක්වා මූලික වටය හෙවත් දිස්ත්‍රික් තරග මාලාව
ජුනි සිට අගෝස්තු 13 වැනිදා දක්වා දෙවැනි වටය හෙවත් පළාත් තරග මාලාව (දිස්ත්‍රික් තරගාවලි ජයග්‍රාහකයන් හා අනුශූරයන් වන කණ්ඩායම් දෙවැනි වරයට නිර්දේශ ලබයි
අගෝස්තු 29 සිට 31 දක්වාත් හා සැප්තැම්බර් 1 – සිට 3 දක්වාත් තෙවැනි වටයේ තරග මාලාව (දෙවැනි වටයේ ශූරතා සහ අනුශූරතාලාභි කණ්ඩායම් තෙවැනි වටයට නිර්දේශ ලබති)
සැප්තැම්බර් 23 – 24 :- අවසන් මහ තරග


අදහස් (0)

ඩී.එස්.අයි. සුපර්ස්පෝට්ස් වොලිබෝල් තරග මාලාවට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.