Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ප්‍රධානතම පාසල් දෙකක් වන ඩී. එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර 11 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී මේ මස 24 සහ 25 දෙදින පැවැත්වේ.
දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග 10 යේදී ඩී. එස්. සේනානායක විදුහල තරගයක් ජය ලබා ඇති අතර ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
ඩී. එස්. සේනානායක විදුහලෙන් ටෙස්ට් ක්‍රීඩකයන් රැසක් බිහිකර ඇති අතර ඒ අතරින් ශ්‍රී ලංකවෙන් බිහිවූ සුපිරි පිතිකරුවකු වන අරවින්ද ද සිල්වා සහ හිටපු නායකයකු වන හෂාන් තිලකරත්න කැපී පෙනෙති.
වර්තමාන ශ්‍රී ලංකා පිල නියෝජනය කරන ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය ද සිල්වා, කොළඹ මහානාම විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙති.
මෙවර තරගායේදී ඩී. එස්. සේනානායක විදුහල් පිලේ නායකයා ලෙස ටොරින් පිටිගල ද, මහානාම විදුහලේ නායකයා ලෙස මලිඳු මධුරංග ද, කටයුතු කරති.
ඩී. එස්. සේනානායක විදුහල් පිල මෙම තරග වාරයේ තරග 14 කට ක්‍රීඩා කර අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට සහ මරදාන සහිරා විදුහලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලැබීය.
විහාන් ගුණසේකර මෙම තරග වාරයේ ලකුණු 610 ක් රැස්කරමින් ඩී. එස්. සේනානායක විදුහල් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. උප නායක ශිෂාද් අමීන් (ලකුණු 602), දසුන් දිමාෂ (ලකුණු 546), ශෂික ළහිරු (ලකුණු 507) සහ මුදිත ලක්‍ෂාන් (ලකුණු 421) ඩී. එස්. සේනානායක විදුහල් පිතිකරු ලැයිස්තුවේ සෙසු ප්‍රබලයෝ වෙති.
මුදිත ලක්‍ෂාන් මෙම තරග වාරයේදී කඩුලු 69 ක් දවා ගනිමින් ඩී. එස්. සේනානායක විදුහල් පිලේ ප්‍රබලතම පන්දු යවන්නා බවට පත්ව සිටියි. විහාන් ගුණසේකර මෙම තරග වාරයේ කඩුලු 48 ක් දවාගෙන තිබේ.
මහානාම විදුහල් පිල මෙම තරග වාරයේ තරග 12 කට සහභාගි වී පූර්ණ ජයග්‍රහණ 3 ක් ලබා ගැනීමට සමත්ව සිටියි.
නායක මලිඳු මධුරංග මෙම තරග වාරයේ ලකුණු 960 ක් රැස්කරමින් ප්‍රබලතම පිතිකරු බවට පත්ව සිටියි. හේෂාන් නිකිල (ලකුණු 560), උප නායක කවිඳු විලෝචන (ලකුණු 510) සහ දිනුක වැලිකළ (ලකුණු 440) මහානාම විදුහල් පිලේ සෙසු ප්‍රබලතම පිතිකරුවෝ වෙති.
ශ්‍රී ලංකා වයස 15 න් පිලේ නායකත්ව දරණ 14 හැවිරිදි පවන් රත්නායක මෙම තරග වාරයේ ලකුණු 500 ක් ඉක්මවා රැස්කරමින් මහානාම විදුහල් පිලට අතිරේක ශක්තියක් බවට පත්ව තිබේ.
වමතින් දඟ පන්දු යවන අෂාන් සංදීප කඩුලු 56 ක් දවා ගනිමින් මෙම තරග වාරයේ මහානාම විදුහල් පිලේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි.
දෙවිදුහල් අතර 11 වැනි වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ඩී. එස්. සේනානායක විදුහලේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අප්‍රේල් මස 9 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
කොළඹ මහානාම විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: නිසල් විතානගේ මහතා (කනිෂ්ඨ පුහුණුකරු), කැළුම් ගංගොඩවිල මහතා (ජ්‍යෙෂ්ඨ පුහුණුකරු), චින්තක පුල්ලපෙරුම මහතා (ආදි ශිෂ්‍ය සංගමය), ඉදුනිල් සිල්වා මහතා (ආදි ශිෂ්‍ය සංගමය), මලිඳු මධුරංග (නායක), එල්. එම්. ඩී. ධර්මසේන මහතා (විදුහල්පති), කවිඳු විරෝචන (උප නායක), එම්. වී. එස්. ගුණතිලක මහතා (නියෝජ්‍ය විදුහල්පති), ලලිත් බණ්ඩාර මහතා (ක්‍රීඩා බාර ආචාර්ය), නිරෝෂණ සමරජීව මහතා, සොනාල් දුල්ෂාන් මහතා (ජ්‍යෙෂ්ඨ සහය පුහුණුකරු) සහ බුද්ධික රණවීර මහතා (කනිෂ්ඨ සහය පුහුණුකරු)
පසු පෙළ වමේ සිට: වත්සර පෙරේරා, පැතුම් බොතේජු, දිලීෂ තුඩුවගේ, චමල් පොල්ගම්පොළ, බෂාන් පියුමාල්, ළහිරු කාවින්ද, පවන්ත වීරසිංහ, සදීෂ ගමගේ, යසිරු කස්තුරිආරච්චි, විහාන් සෙනුර, නිදුක වැලිකල, හේෂාන් නීලික, බිෂාන් මෙන්ඩිස්, චලිත සුබසිංහ, හර්ෂණ කාවින්ද, චරුන් මහේල, එම්. මාලින්ද, පවන් රත්නායක, විනුක රංජුන සහ නිවින් කල්පන
කොළඹ ඩී. එස්. සේනානායක විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: ඩිලාන් රත්නායක මහතා (පුහුණුකරු), තත්සර බණ්ඩාර, විහාන් ගුණසේකර, කපිල ප්‍රදීප් මහතා (ක්‍රීඩා බාර ආචාර්ය), ටොරින් පිටිගල (නායක), ආර්. එම්. එම්. රත්නායක මහතා (විදුහල්පති), ශිෂාද් අමීන් (උප නායක), අයි. එස්. කුගතුංග මහතා (නියෝජ්‍ය විදුහල්පති), නිහාල් ප්‍රනාන්දු මහතා (කණ්ඩායම් බාර ආචාර්ය), ගීතාංජන ඩැනියල් සහ හසිත් දිල්හාර මහතා (සහය පුහුණුකරු)
පසු පෙළ වමේ සිට: දීමන්ත කෞෂල්‍ය, ඉනෝෂ ගුණවර්ධන, ශෂික ගමගේ, පසිඳු ආදිත්‍ය, මෙත්සිත් ජයමාන්න, කවිඳු දිල්ෂාන්, දසුන් පෙරේරා, පසිඳු චානක, මුදිත ලක්‍ෂාන්, සචින්ත හෙට්ටිගේ, කලන හෙට්ටිආරච්චි, ළහිරු සමරනායක, ඩිල්ෂාන් ලාහිර්, ටිරෝන් බස්කරන් සහ යසිත් සමරදිවාකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.