Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩකා ඩයිනමයිට්ස් පිලට ලකුණු 68 ක ජයක්

ඩකා ඩයිනමයිට්ස් පිලට ලකුණු 68 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සහ රාජෂායි කිංග්ස් කණ්ඩායම අතර ඩකාහිදී අද (18 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 68 ක ජයක් අත්කර ගැනීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 202 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය රාජෂායි කිංග්ස් පිතිකරුවන්ට සහිඞ් අෆ්රිඩි ප්‍රමුඛ ඩකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දුයැවීම හමුවේ ඕවර 18.2 අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 133 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ සහිඞ් අෆ්රිඩි ලකුණු 26 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ අතර රාජෂායි කණ්ඩායමේ ජයග්‍රහණයේ මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් අබූ හයිදර් ලකුණු 11 කට කඩුලු 3 ක්ද, නායක සකීබ් අල් හසන් ලකුණු 22 කට කඩුලු 2 ක්ද දවාගත්හ.

රාජෂායි ඉනිමේ වැඩිම වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සකීර් හසන් පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 36 ක් රැස්කළ අතර නායක ඩැරන් සැමී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 19 ක් රැස්කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 62 වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට කිරන් පොලාඞ් (නොදැවී 52) සහ කුමාර් සංගක්කාර (28) සමත් වූහ. පන්දු 25 කදී වාර්තා වූ පොලොඞ්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් ඇතුලත් වූ අතර පන්දු 22 කදී වාර්තා වූ සංගක්කාරගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

ඩකා කණ්ඩායම වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දුන් එවින් ලුවිස් පන්දු 38 කදී ලකුණු 64 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගිනි. සහිඞ් අෆ්රිඞ් (15) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලුවිස් සමත් විය.

ලකුණු 38 කට කඩුලු 3 ක් දවාගත් හුසේන් අලී එහිදී රාජෂාහි කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර මොහෙදි හසන් ලකුණු 31 කට කඩුලු 2 ක් දවාගත්තේය.


ඩකා ඩයිනමයිට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 201
(එවින් ලුවිස් 64, සහිඞ් අෆ්රිඩි 15, කුමාර් සංගක්කාර 28, කිරන් පොලාඞ් නොදැවී 52, හුසේන් අලී 38/3, මොහෙදි හසන් 31/2)

රාජෂාහි කිංග්ස් පිල - ඕවර 18.2 කදී සියලු දෙනා දැවී 133
(මොමිනුල් හක් 16, සකීර් හසන් 36, ඩැරන් සැමී 19, සහිඞ් අෆ්රිඩි 26/4, අබූ හයිදර් 11/3, සකීබ් අල් හසන් 22/2)


- 036

 


අදහස් (0)

ඩකා ඩයිනමයිට්ස් පිලට ලකුණු 68 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.