Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩකා ඩයිනමයිට්ස් ක්‍රීඩකයෝ පෙරමුණට එති

ඩකා ඩයිනමයිට්ස් ක්‍රීඩකයෝ පෙරමුණට එති

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග 42 කින් සමන්විත බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුලික වටයේ මුල් තරග 16 ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 7 ක් ලබා සිටින ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමත්ව තිබේ.

කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම, මේ වන විට තරග 5 කට සහභාගි වී ඉන් තරග 3 ක් ජයගෙන තරගයක් පරාජය වී ඇති අතර ඔවුන් සහභාගි වූ අනෙක් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

ෂිලාත් සික්සර්ස් කණ්ඩායමද ප්‍රසාද ලකුණු 7 ක් ලබා සිටින නමුත් ශූද්ධ ලකුණු වේගය අනුව ඔවුන්ට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයයි. උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා යන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ෂිලාත් සික්සර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරති.

මේ වන විට තරග 6 කට සහභාගි වී ඇති ෂිලාත් සික්සර්ස් කණ්ඩායම ඉන් තරග 3 ක් ජයගෙන තරගය 2 ක් පරාජය වී ඇති අතර ඔවුන් සහභාගි වූ තරගයක්ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුව තිබේ.

කොමිලා වික්ටෝරියන්ස් සහ කුල්නා ටයිටන්ස් යන කණඩායම් පිළිවෙලින් ප්‍රසාද ලකුණු 6 ක් සහ 5 ක් බැගින් ලබා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ තෙවැනි ස්ථාන වල රැදී සිටියි.

පිට පිටම ලබාගත් අර්ධ ශතක 3 ක් සමගින් තරග 5 කදී ලකුණු 197 ක් ලබා සිටින ෂිලාත් සික්සර්ස් කණ්ඩායමේ උපුල් තරංග මෙතෙක් පැවැති තරග වලදී වැඩිම ලකුණු ලාභින් අතර පෙරමුණේ පසුවෙයි. ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුනු 69 තරංග මෙතෙක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වේ.

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ අබූ හයිදර් මෙතෙක් තරග වලදී වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවන අතර තරග 4 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 7 කි. මෙතෙක් ඔහුගේ හොඳම පන්දුයැවීම ලෙස සටහන් වන්නේ කුල්නා ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 13 කට කඩුලු 3 ක් දවාගැනීමයි.


- 036

 


අදහස් (0)

ඩකා ඩයිනමයිට්ස් ක්‍රීඩකයෝ පෙරමුණට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.