වෙළද සේවා ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ ඊයේ (30) පැවැති තරගයේදී මාස් යුනිචෙලා පිල පරදවා ඩක්වත් ලූවිස් න්‍යය අනුව ලකුණු 1 කින් ජයගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට හැකිවිය. තරගය මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.
කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට මාස් යුනිචෙලා කණ්ඩායමට ආරාධනා කළ අතර ලකුණු 240 කට සියලු දෙනාම දැවී ගියේය. කුසල් ජනිත් (60*, ප‍්‍රසන්න ජයවර්ධන (55) සහ මහේල උඩවත්ත (53) අර්ධ ශතක ලබා ගැනීමට සමත්විය.
ලකුණු 241 ක ඉලක්කයක් හඹා ගිය කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතරකරන විට ඕවර 42 කට කඩුලූ 4 ක් දැවී ලකුණු 180 ක් රැුස් කරගෙන සිටියේය. චතුරංග ද සිල්වා (83) අර්ධ ශතකයක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුහ.
මාස් යුනිචෙලා ඕවර 49.2 කදී සියලු දෙනාම දැවී 240
(කුසල් ජනිත් 60, ප‍්‍රසන්න ජයවර්ධන 55, මහේල උඩවත්ත 53, ළහිරු මදුශංක 29/2, චතුරංග ද සිල්වා 32/2, විශ්ව ප‍්‍රනාන්දු 40/2, මාලින්ද පුෂ්පකුමාර 44/2)
කොමර්ෂල් ක්‍රෙඩිට් ඕවර 42 කදී කඩුලූ 4 ක් දැවී 180
(චතුරංග ද සිල්වා 83, දිල්හාන් කුරේ 41, චාමර කපුගෙදර නොදැවී 34, රමිත් රඹුක්වැල්ල 36/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.