Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩිමෝ ලංකා අවසන් පූර්ව වටයට

ඩිමෝ ලංකා අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි20 ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට ඩිමෝ ලංකා ‘ඒ’ කණ්ඩායම අද (16 වැනිදා) සමත්විය.

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී හේලීස් ගෲප් ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ලකුණු 23 ක ජයක් හිමිකර ගැනීමට ඩිමෝ ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්විය.

ඩිමෝ ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් තික්ෂිල ද සිල්වා (66) සහ හෂාන් දුමිඳු (50) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.


ඩිමෝ ලංකා - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 182
(තික්ෂිල ද සිල්වා 66, හෂාන් දුමිඳු 50, සම්මු අශාන් 28, රමේෂ් මෙන්ඩිස් නොදැවී 20, හර්ෂ රාජපක්ෂ 17/2, ඇන්ඩි සොලමන්ස් 30/2)

හේලීස් ගෲප් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 159
(රොන් චන්ද්‍රගුප්ත 48, එස්. නිමේෂ 22, තික්ෂිල ද සිල්වා 18/2)

 


අදහස් (0)

ඩිමෝ ලංකා අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.