සංචාරක පාකිස්තානු වයස 19 න් පහළ පිලට එරෙහිව ඔක්තෝබර් මස ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන තරගාවලියට සහභාගි වීම සඳහා 26 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. කෙසේ වෙතත් කනිෂ්ඨ තේරීම් කමිටු නිලධාරීන් විසින් මීට සති එක හමාරකට පමණ ඉහතදී තෝරාගන්නා ලද කී‍්‍රඩකයන් 37 දෙනකුගෙන් සමන්විත සංචිතයට ඇතුළත්ව සිටි හිමේෂ් රාමනායක සහ රවිඳු තිලකරත්න දෙදෙනාම 26 දෙනාගේ සංචිතයෙන් හැළී ගොස් තිබේ.
මීට පෙරත් ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කර ඇති හිමේෂ් රාමනායක ටෙස්ට් පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන චම්පක රාමනායක මහතාගේ පුතණුවන් වන අතර රවිඳු තිලකරත්න හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්න මහතාගේ පුතණුවන්ය.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නායකයා ලෙස කටයුතු කළ ගාල්ල රිච්මන්ඞ් විදුහලේ චරිත් අසලංක මෙම සංචිතයට ඇතුළත්ව සිටියි.
පාකිස්තානු 19 න් පහළ පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියට තුන්දින තරග 2 ක් සහ එක්දින තරග 5 ක් ඇතුළත් වේ.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය:
කවීන් බණ්ඩාර, සලිඳු උෂාන්, තනුක දාබරේ, සනෝගීත් ශන්මුගනාදන්, සමූ අෂාන්, චරිත් අසලංක, ප‍්‍රමෝද් මධුවන්ත, අවිෂ්ක ප‍්‍රනාන්දු, සචින්ත ජයතිලක, විෂාද් රන්දික, නවිඳු නිර්මාල්, ලක්‍ෂිණ රොද්‍රිගු, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, ජෙහාන් ඩැනියල්, ළහිරු සමරකෝන්, ගීතාල් මාලිංග, ළහිරු කුමාර, දිෂාන් සඳරුවන්, අසිත ප‍්‍රනාන්දු, උදිත මධුසංඛ, රවීන් සේයර්, දිෂාන් පීරිස්, දමිත් සිල්වා, තිලාන් නිමේෂ් සහ ලක්ෂාන් ප‍්‍රනාන්දු
ශී‍්‍ර ලංකා 19 න් පහළ සංචිතය
| ක්‍රීඩකයා | පාසල | දිස්ත්‍රික්කය |
| කවින් බණ්ඩාර | ඩී. එස්. සේනානායක විදුහල | කොළඹ |
| සලිඳු උෂාන් | ඉසිපතන විදුහල | කොළඹ |
| තනුක දාබරේ | ලුම්බිණි විදුහල | කොළඹ |
| ශනෝගීත් ශන්මුගනාතන් | ත්‍රිත්ව විදුහල | මහනුවර |
| චරිත් අසලංක | රිච්මන්ඩ් විදුහල | ගාල්ල |
| අවිෂ්ක ප්‍රනාන්දු | මොරටුව ශා. සෙබස්තියන් විදුහල | කොළඹ |
| ලක්ෂිණ රොද්‍රිගූ | බම්බලපිටිය ශා. පීතර විදුහල | කොළඹ |
| වනිඳු හසරංග | රිච්මන්ඩ් විදුහල | ගාල්ල |
| ප්‍රමෝද් මධුවන්ත | ඉසිපතන විදුහල | කොළඹ |
| සචින්ත ජයතිලක | ගල්කිස්ස සා. තෝමස් විදුහල | කොළඹ |
| විශාඩ් රන්දික | ඉසිපතන විදුහල | කොළඹ |
| සම්මු අශාන් | ආනන්ද විදුහල | කොළඹ |
| ජෙහාන් ඩැනියෙල් | මරදාන ශා. ජොෂප් විදුහල | කොළඹ |
| ළහිරු කුමාර | ත්‍රිත්ව විදුහල | මහනුවර |
| ගීතාල් මාලිංග | කොටහේන ශා. බෙනඩික් විදුහල | කොළඹ |
| අසිත් ප්‍රනාන්දු | කටුනේරිය ශා. සෙබස්තියන් විදුහල | හලාවත |
| උදිත් මධුෂංක | දෙබරවැව මැදි විදුහල | හම්බන්තොට |
| දමිත් සිල්වා | මලියදේව විදුහල | කුරුණෑගල |
| තිලාන් නිමේෂ් | මොරටුව වේල්ස් කුමර විදුහල | කොළඹ |
| නිෂාන් පීරිස් | මීගමුව ශා. පීතර විදුහල | ගම්පහ |
| ලක්ෂාන් ප්‍රනාන්දු | ද ලාසල් විදුහල | කොළඹ |
| රවීන් සේයර් | ත්‍රිත්ව විදුහල | මහනුවර |
| කමිඳු මෙන්ඩිස් | රිච්මන්ඩ් විදුහල | ගාල්ල |
| නවිඳු නිර්මාල් | ශා. ඇලවීෂියස් විදුහල | ගාල්ල |
| ළහිරු සමරකෝන් | ධර්මරාජ විදුහල | මහනුවර |
| දිල්ෂාන් සඳරුවන් | රාහුල විදුහල | මාතර |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.