Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ට්විටර් පණිවුඩ ගැන රොබින්සන් සමාව අයදී

ට්විටර් පණිවුඩ ගැන රොබින්සන් සමාව අයදී

editorial - 2021 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයට එරෙහිව ලෝඩ්ස් හිදී ඊයේ (2 වැනිදා) ටෙස්ට් වරම් හිමිකර ගත් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන් විසින් ජාතිවාදී සහ ලිංගිකත්වය පිළිබඳව අදහස් පළකරමින් නිකුත් කරන  ලද ට්වීටර් පණිවිඩ රැසක් අනාවරණය වී තිබේ. එහෙත් කෝඩුකාර වේග පන්දු යවන්නා මීට කලකට ඉහතදී නිකුත් කරන ලද ට්විටර් පණිවුඩ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටී. 

තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගමාලාවේ පළමු තරගයේ පළමු දිනයේදී 27 හැවිරිදි එංගලන්ත පන්දු යවන්නා ලකුණු 50 කට කඩුලු 2 ක් දවාගනිමින් දස්කම් දැක්වූ නමුත් යෞවනයෙකු ලෙස ඔහු පළ කළ ට්විටර් පණිවිඩ යළිත් මතුවීම නිසා ඔහුගේ දස්කම් යටපත් විය.

වසර 2012 දක්වා දිවෙන මෙම ට්වීටර් පණිවිඩ නිසා රොබින්සන් ඊයේ දැඩි දුෂ්කර තත්වයකට මුහුණ දුන්නේය. විශේෂයෙන්ම ‘වෙනස්කම් කිරීමට’ එරෙහිව ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විරෝධය පෙන්වීම සඳහා “එකමුතුකමේ මොහොතක්” නිර්මාණය කරමින් ඊයේ තරගය ආරම්භයට පෙර දෙපිලම විනාඩි දෙකක නිහඬතාවකට පෙළ ගැසී සිටියහ.

“මීට වසර අටකට පෙර මා විසින් පළ කරන ලද ජාතිවාදී හා ලිංගිකත්වය සම්බන්ධ ට්විටර් පණිවිඩ ගැන මගේ වෘත්තීය ජීවිතයේ වැදගත්ම දිනයේදී මා ලැජ්ජාවට පත් වෙනවා. ඒවා අද ප්‍රසිද්ධ වෙලා තියෙනවා” යැයි රොබින්සන් පළමු දිනය අවසානයේ පැවසීය.

“මා ජාතිවාදියෙකු නොවන බවත්, මම ලිංගික උන්මාදයකින් නොපෙළෙන බවත් පැහැදිලි කිරීමට මට අවශ්‍යයි. මගේ ක්‍රියාව ගැන මා අතිශයින් කනගාටු වෙනවා. එවැනි ප්‍රකාශ කිරීම ගැන මම ලැජ්ජා වෙනවා.” යයිද රොබින්සන් ඊයේ සවස තරගයෙන් පසුව පැවසීය. 

මේ සම්බන්ධයෙන් රොබින්සන්ට එරෙහිව විනය පරීක්‍ෂණයක් පැවැත්වෙන බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක ටොම් හැරිසන් මහතා පැවසීය.

“එම වචන කියවන ඕනෑම පුද්ගලයෙක්, විශේෂයෙන් කාන්තාවක් නැත්නම් වර්ණවත් හමක් සහිත පුද්ගලයෙක් ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රිකට් ක්‍රීඩකයින් ගැන හිතන්නේ මහත් අසෝභන ආකාරයටයි...... මෙවැනි ආකාරයේ හැසිරීම් අපට ඉවසන්න බෑ. මේ ආකාරයේ හැසිරීම නතර කළහැකි නීති තිබෙනවා.” යැයි හැරිසන් මහතා පැවසීය.

 


අදහස් (0)

ට්විටර් පණිවුඩ ගැන රොබින්සන් සමාව අයදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.