Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජෝෂප් වාස් විදුහලට දැවැන්ත ජයක්

ජෝෂප් වාස් විදුහලට දැවැන්ත ජයක්

ශනුක අරවින්ද - 2017 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෝට්ටේ ජනාධිපති විදුහල සහ වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල අතර වෙන්නප්පුවේ ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 100 ක ජයක් අත්කර ගැනීමට ජෝෂප් වාස් විදුහල සමත් විය.

ජෝෂප් වාස් විදුහලේ අංජන රුක්මාල් (64) සහ නෙරංජන් රොද්‍රිගූ (58) අර්ධ ශතක ලබාගත් අතර නිපුන් පෙරේරා ලකුණු 19 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ජනාධිපති විදුහල පළමු ඉනිම - ඕවර 23.5 කදී සියලු දෙනා දැවී 109
(චමෝද් වික්‍රමසූරිය 60, සොහාන් අනුරුද්ද 34/3)

ජෝෂප් වාස් විදුහල පළමු ඉනිම - ඕවර 65 කදී සියලු දෙනා දැවී 278
(අංජන රුක්මාල් 64, නෙරංජන් රොද්‍රිගූ 58, ගිහාන් අබේරත්න 33, සඳරුවන් ප්‍රනාන්දු 21, සෂික ලියනගේ 49/4)

ජනාධිපති විදුහල දෙවැනි ඉනිම - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 69
(නිපුන් පෙරේරා 19/5, මධුෂාන් රණතුංග 6/2, ක්‍රිෂාන් අප්පුහාමි 26/2)

-036

 


අදහස් (0)

ජෝෂප් වාස් විදුහලට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.