Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී, මාරවිල පිරිමි කණිෂ්ට පාසලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය ඊයේ (5) සමත් විය. මෙම තරගය ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ මාරවිල පිරිමි කණිෂ්ට පාසලේ පසිඳු ඩිල්ෂාන් පළමු ඉනිමේදී ලකුණු 55 කට කඩුලු 4ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 28 කට කඩුලු 3ක් සමගින් ඉනිම් දෙකේදී ලකුණු 83 ක ට කඩුලු 7ක් බිඳහෙලීය.
ශාන්ත ජෝශප් වාස් පළමු ඉනිම - ඕවර 50 කදී කඩුලු 9 කට ලකුණු 219
(ජොහාන් රුවින්ද 50, ෂෙවෝන් ඩිලුක්ෂ 42, සඳරු නවෝද්‍ය 36, නිපුන් සුහඳ 21, උවින් චන්දීප 20, පසිඳු ඩිල්ෂාන් 55/4 )
ඹාරවිල පිරිමි කණිෂ්ට පාසල් පළමු ඉනිම - ඕවර 41 කදී සියලු දෙනා දැවී ලකුණු 63
(දරණ පබසර 26/5,විසල් මහගි 06/2,නිපුන් සුහඳ 16/2 )
ශාන්ත ජෝශප් වාස් දෙවැනි ඉනිම - ඕවර 8 කදී කඩුලු 3කට ලකුණු 57
(තිනිදු සත්‍යංක නොදැවී 25, පසිඳු ඩිල්ෂාන් 28/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.