Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජෝශප් වාස්-ආවේ මරියා සමස්ත ශූරතා දිනා ගනියි

ජෝශප් වාස්-ආවේ මරියා සමස්ත ශූරතා දිනා ගනියි

editorial - 2022 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දියගම ‘මහින්ද රාජපක්ෂ’ පිටියේ දී නව වාර්තා 16ක් බිහිවෙමින් ඊයේ (30) නිමාවට පත්වුනු 51 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා (කනිෂ්ඨ) තරගාවලියේදී සමස්ත බාලක ශූරතාව වෙන්නප්පුව ශාන්ත ජෝශප් විදුහල විසින් ද එහි බාලිකා ශූරතාව මීගමුව ආවේ මරියා කන්‍යාරාමය විසින් ද දිනා ගන්නා ලදී.

එහිදී ආවේමරියා කන්‍යාරාමය සමස්ත බාලිකා ශූරතාව දිනා ගැනීමේ දී අඹගමුව මධ්‍ය මහ විදුහල හා තියුණු සටන් ඇති වූ අතර එහිදී එක් ඉසව්වක ජයග්‍රහණයේ වැඩි වාසියෙන් ලකුණු තුනකින් ශූරතාව දිනා ගැනීමට ආවේමරියා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය වසර 2019 න් පසුව මෙම තරගාවලිය සංවිධානය කළ පළමු අවස්ථාවයි. ඔවුහු පසුගිය සැප්තැම්බර් මාසයේ දී මෙම වසරට නියමිත මෙහි ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ තරගාවලිය ද පවත්වා අවසන් කළහ.

අධ්‍යාපන අමාත්‍යාංශය මෙම වසරකට සංවිධානය කරන පාසල් මලල ක්‍රීඩා තරග මාලා ඉසව්වේ තෙවැනි ස්ථානය දක්වා මෙතෙක් කර ගෙන ආ පරිදි පදක්කම් ප්‍රදානය කිරීම වියදම් පාලනය සඳහා අත්හිටුවා තිබේ.

එහෙත් මෙම තරගාවලියේ ඉසව් 103 සඳහාම රන්, රිදී හා ලෝකඩ පදක්කම් 103 බැගින් ප්‍රදානය කෙරුණි. සමස්ත තරගාවලිය පාසල් 740 ක නිර්දේශ ලත් සිසු සිසුවියෝ 5000 ක් පමණ සහභාගි වූහ.

 

51 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා (කනිෂ්ඨ) තරගාවලියේ ශූරතාලාභි පාසල්

• වයස 12න් පහළ – බාලක:- කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල, බාලිකා:- මීගමුව ආවේ මරියා කන්‍යාරාමය

• වයස 13න් පහළ:- බාලක:- මහනුවර ත්‍රිත්ව විදුහල, බාලිකා:- බාලිකා:- කොළඹ විශාඛා විදුහල

• වයස 14න් පහළ:- බාලක:- වෙන්නප්පුව ශාන්ත ජෝශප් විදුහල, බාලිකා:- කඩවත මහාමායා බාලිකා විදුහල.

• සමස්ත ශූරතාව බාලක:- ශූරතාව:- වෙන්නප්පුව ශාන්ත ජෝශප් විදුහල (64) අනුශූරතාව:- මීගමුව මාරිස්ටෙලා විදුහල (50) තෙවැනි ස්ථානය:- මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල (46)

• සමස්ත ශූරතාව බාලිකා:- ශූරතාව:- මීගමුව ආවේ මරියා කන්‍යාරාමය (68) අනුශූරතාව:- අඹගමුව මධ්‍ය මහ විදුහල (65), තෙවැනි ස්ථානය:- කොළඹ විශාඛා විදුහල

• සහය දිවීමේ කාණ්ඩය:- බාලක:- වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල, බාලිකා:- අඹගමුව මධ්‍ය මහ විදුහල

• තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා:- වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තරුෂ මෙන්ඩිස් (දක්ෂතාවය:- උස පැනීම – වයස 15න් පහළ මීටර 1.93 – නව වාර්තාවකි)

• තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව:- දික්වැල්ල විජිත මධ්‍ය මහ විදුහලේ වී.පී.එන්. සමාධි (දක්ෂතාවය:- උස පැනීම – වයස 15න් පහළ – මීටර 1.68 – නව වාර්තාවකි)


අදහස් (0)

ජෝශප් වාස්-ආවේ මරියා සමස්ත ශූරතා දිනා ගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.