අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල සහ කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහල අතර නාරම්මල ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 89 ක ජයක් අත්කර ගැනීමට ජෝන් කොතලාවල විදුහල සමත් විය.
එහිදී ජෝන් කොතලාවල විදුහල වෙනුවෙන් තුමෝෂ් කිත්මල් (73) ද, මලියදේව ආදර්ශ විදුහල වෙනුවෙන් කාවින්ද සෙනෙවිරත්න (65) ද අර්ධ ශතකයක් ලබාගත්හ.
ජෝන් කොතලාවල විදුහල - ඕවර 45 කදී කඩුලු 9 ක් දැවී 278
(තුමෝෂ් කිත්මල් 73, මොහොමඩ් ඉන්සමාම් 48, ෂෙහාන් කෝකිල 38, චාලක බණ්ඩාරනායක 28, චන්න ප්‍රදීප් නොදැවී 27, නිමේෂ් සීලරතන 33/2, මන්ජිත රත්නායක 47/2, කාවින්ද සෙනෙවිරත්න 55/2)
මලියදේව ආදර්ශ විදුහල - ඕවර 40.1 කදී සියලු දෙනා දැවී 189
(කාවින්ද සෙනෙවිරත්න 65, ලක්සර ජයසිංහ 44, ගිම්හාන් අලහකෝන් 31/3, ජනිත් ද සිල්වා 40/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.