Last Update  :  2025-12-23 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජුලන් ගොස්වාමි නමින් මුද්දරයක්

ජුලන් ගොස්වාමි නමින් මුද්දරයක්

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ජුලන් ගොස්වාමිගේ දක්ෂතාවය හේතු කරගෙන ඇය වෙනුවෙන් ගෞරවණීය තැපැල් මුද්දරයක් නිකුත් කර ඇත. ඉන්දීය හිටපු නායක සව්රව් ගංගුලි විසින් කල්කටාවේ ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සමාජයේදී මුද්දරය එලිදැක්වීය. 

ඇයගේ ක්‍රිකට් දිවිය සැමරීම නිමිත්තෙන් මෙවන් මුද්දරයක් නිකුත් කර ඇති අතර වසර 16ක් මුලුල්ලේ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇත. 2002 වසරේ එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් හිමි කර ගන්නා ඇය, එම සංචාරය අතරතුරදීම එක්දින වරම්ද හිමි කරගත්තාය. මේ වන විට ඇය එක්දින තරග 169 කට සහභාගි වී කඩුලු 203 ලබා ගෙන සිටින්නීය.  

කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින කඩුලු 200 ක් ලබාගත් ප්‍රථම ක්‍රීඩිකාව බවට ඇය පත් වන්නේ පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයට සහභාගී වෙමින්ය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මගින් 2007 වසරේ පවත්වන්නට යෙදුණු සම්මාන උළෙලේදී වසරේ දක්ෂතම ක්‍රීඩිකාව බවටද ඇය පත් වූවාය. 

-024

 


අදහස් (0)

ජුලන් ගොස්වාමි නමින් මුද්දරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.