Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජීවන් මෙන්ඩිස්ගෙන් ඉනිමකදී කඩුලු 9 ක්

ජීවන් මෙන්ඩිස්ගෙන් ඉනිමකදී කඩුලු 9 ක්

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ ද්‍රවිඩ සංගම් පිල සහ වරාය අධිකාරිය පිල අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) ආරම්භවූ තරගයේදී ලකුණු 53 කට කඩුලු 9 ක් දවාගැනීමට ද්‍රවිඩ සංගම් පිලේ ජීවන් මෙන්ඩිස් සමත්විය.

 පළමු දිනයට අද තරගය නිමාවන විටදී පන්දුවට පහරදෙමින් සිටි ද්‍රවිඩ සංගම් පිල සිය පළමු ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 28 ක් රැස්කර සිටියේය.

කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් වරාය අධිකාරිය පිලට සියලුදෙනා දැවී සිය පළමු ඉනිමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු  ක් පමණි.

රවිඳු ගුණසේකර (66) සහ පසාන් වික්‍රමසිංහ (59) ලබාගත් අර්ධ ශතක හේතුවෙන් වරාය අධිකාරිය පිලට ලකුණු 250 සීමාව ආසන්නයට යාමට හැකිවිය.

තවත් තරග 5 ක් කටුනායක මේරියන්ස්, කෝල්ට්ස්, මූවර්ස්, එස්.එස්.සී සහ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණවලදී අද ආරම්භවිය.

එහිදී කෝල්ට්ස් පිලේ ප්‍රියමාල් පෙරේරා (නොදැවී 105) සහ එන්.සී.සී පිලේ පැතුම් නිස්සංක (163) ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර බදුරලිය පිලේ බුද්ධික සංජීව කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය


වරාය අධිකාරිය 245, ද්‍රවිඩ සංගමය 28/0
වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 82 කදී සියලුදෙනා දැවී ලකුණු 245
(රවිඳු ගුණසේකර 66, ප්‍රිමෝෂ් පෙරේරා 38, පසාන් වික්‍රමසිංහ 59, ඉමේෂ් උදයංග නොදැවී 23, ජීවන් මෙන්ඩිස් 53/9)
ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 6 කදී කිසිවකු නොදැවී ලකුණු 28


බී.ආර්.සී. සහ සී.සී.සී. කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

බී.ආර්.සී 105, සී.සී.සී 154/2

බී.ආර්.සී. - පළමු ඉනිම - ඕවර 43.4 කදී සියලුදෙනා දැවී ලකුණු 105
(හෂේන් රාමනායක 24, මදුක ලියනපතිරණගේ 23, විශ්ව ප්‍රනාන්දු 52/4, ළහිරු ගමගේ 19/3)

සී.සී.සී - පළමු ඉනිම - ඕවර 43.1 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 154
(මාධව වර්ණපුර 61, මිනෝද් භානුක නොදැවී 71)


කෝල්ට්ස් සහ බදුරලිය කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් 294/8

කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 294
(විශාද් රන්දික 85, ප්‍රියමාල් පෙරේරා නොදැවී 105, නිසල තාරක 34, බුද්ධික සංජීව 57/5)


මූවර්ස් සහ එන්.සී.සී කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී 330, මූවර්ස් 30/1

එන්.සී.සී - පළමු ඉනිම - ඕවර 65.5 කදී සියලුදෙනා දැවී ලකුණු 330
(උපුල් තරංග 28, පැතුම් නිස්සංක 163, ඇන්ජලෝ පෙරේරා 35, තරිඳු කෞෂාල් 72/4, කේෂාන් විජේරත්න 39/2, රමේෂ් මෙන්ඩිස් 55/2)

මූවර්ස් - පළමු ඉනිම - ඕවර 9 කදී කඩුල්ලක් දැවී ලකුණු 30
(චරිත කුමාරසිංහ 22)


එස්.එස්.සී සහ මීගමුව කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී

මීගමුව 212, එස්.එස්.සී 88/0

මීගමුව - පළමු ඉනිම - ඕවර 62.3 කදී සියලුදෙනා දැවී ලකුණු 212
(අෂාන් සිල්වා 28, ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර 23, සහන් ආරච්චිගේ 23, ඩිලාන් ජයලත් 38, සනිත ද මෙල් 43, විමුක්ති පෙරේරා 33/3, සම්මු අශාන් 11/2, ආකාශ් සේනාරත්න 44/2, තරිඳු රත්නායක 65/2)

එස්.එස්.සී - පළමු ඉනිම - ඕවර 21 කදී කිසිවකු නොදැවී ලකුණු 88
(සඳුන් වීරක්කොඩි නොදැවී 59, කෞශාල් සිල්වා නොදැවී 25)


යුද හමුදාව සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී

යුද හමුදාව 196/7

යුද හමුදාව - පළමු ඉනිම - ඕවර 71 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 196
(ලක්ෂාන් එදිරිසිංහ 76, දුශාන් විමුක්ති 23, ඩිල්ශාන් ද සොයිසා 22, සංජික රිද්ම නොදැවී 21, ජනිත් සිල්වා 32, රොෂාන් ජයතිස්ස 31/2, තීක්‍ෂිල ද සිල්වා 55/2)

 

 


අදහස් (0)

ජීවන් මෙන්ඩිස්ගෙන් ඉනිමකදී කඩුලු 9 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.