Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික මලල ක්‍රීඩා අවසන් අදියර ඔක් 16 - 17

ජාතික මලල ක්‍රීඩා අවසන් අදියර ඔක් 16 - 17

editorial - 2021 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රට තුළ උත්සන්න වෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කල් දමනු ලැබූ 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දෙවැනි (අවසන්) අදියර ඔක්තෝබර් මස 16-17 යන දෙදින සුගතදාස පිටියේදී පැවැත්වීමට ‘ශ්‍රී ලංකා මලල ක්‍රීඩා’ ආයතනය සූදානම් වේ.

අවසන් අදියර තරගාවලිය මේ මස 9-10 දෙදින පැවැත්වීමට නියමිතව තිබියදී වත්මන් සෞඛ්‍ය අර්බුදය හේතුවෙන් කල්දමනු ලැබීය.

කෙසේ වෙතත් මලල ක්‍රීඩා ආයතනය නිවේදනය කරන්නේ යොදාගත් පරිදිම පොදුරාජ්‍ය මණ්ඩලයීය හා ආසියානු ක්‍රීඩා තේරීම් තරගාවලිය සුගතදාස පිටියේදී ලබන ඔක්තෝබර් 30 සහ 31 දිනවලදී පැවැත්වෙන බවයි. 2022 වසරේ ‘බර්මින්හැම්’නුවරදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා චිනයේ ගුවැන්ෂු නුවරදි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා මලල ක්‍රීඩා ඒකාබද්ධ මූලික පුහුණු සංචිතය සැළසුම් කර ගැනීමේ අරමුණින් එම තේරීම් තරගාවලිය කැඳවා තිබේ.

ඒ සඳහා අවශ්‍ය පරිසාදන  මට්ටම් ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරේ.

මැයි 21 වැනිදා පැවැති 99 වැනි ජාතික මලල  ක්‍රීඩා ශූරතාවලියේ පළමු අදියර නිම කරන ලද ඉසව් මෙම තේරීම් තරගාවලියට ඇතුළත් නැවැත ඔක්තෝම්බර් 18 වැනිදා අමතර අවස්ථාවක් ලෙස සළකා පැවැත්වීමටද කටයුතු  යොදා තිබේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ජාතික නිල දත්ත සටහන්කරු සමන් කුමාර ගුණවර්ධන මහතා පවසන්නේ මෙම සියලු තරග  අවස්ථා කොවිඩ් රේගුලාසිවලට යටත්ව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඒකරාශීවීම් වළක්වා ගනිමින් පවත්වා අවසන් කිරීමට කටයුතු කරන බවයි.


අදහස් (0)

ජාතික මලල ක්‍රීඩා අවසන් අදියර ඔක් 16 - 17

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.