Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික දැල්පන්දු තරගාවලිය 20-21 වෙන්නප්පුවේදී

ජාතික දැල්පන්දු තරගාවලිය 20-21 වෙන්නප්පුවේදී

editorial - 2024 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික නොට්බෝල් (දැල්පන්දු) තරගාවලිය සති අන්තයේදී (20-21) වෙන්නප්පුව ශ්‍රීමත්  ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී  පැවැත්වේ. ඒ සඳහා දිවයිනේ දිස්ත්‍රික් හා අනු සංගම් 35කින් කණ්ඩායම් ඉදිරිපත් කෙරේ.

ඉරිදා (21) පස්වරු 3ට අවසන් මහ තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත. අවසන් පූර්ව පරාජිතයන් අතර තෙවැනි ස්ථානය තේරීමේ තරගය ඊට පෙර එදිනම පැවැත්වේ. ජාතික දැල්පන්දු රැජිනිය ඇතුළු දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව පන්දු රකින්නිය හා පන්දු විදින්නිය  තෝරා මෙහිදී විශේෂ සම්මාන ප්‍රදානය කෙරේ.

දැල්පන්දු සම්මේලනයේ සාමාජික සංගම් සඳහා කණ්ඩායම් දෙකක් බැගින් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා තිබේ. ගියවර ද (2023) ඇතුළුව පසුගිය වසර හතරක් පිට පිටම ජාතික දැල්පන්දු  ශූරතාව දිනා ඇත්තේ හැටන් නැෂනල් බැංකු (එච්.එන්.බී.) ක්‍රීඩා සමාජය විසිනි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය පැවසුවේ 2024 ජාතික කනිෂ්ඨ හා අන්තර් සංගම් යන ප්‍රධානතම දැල්පන්දු තරගාවලි දෙකක් ලබන මාර්තු මාසය අවසන් වනවිට පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

 දැල්පන්දු සම්මේලනය අලුතෙන් හඳුන්වා දී තිබෙන දිස්ත්‍රික් සංචිත ව්‍යාපෘතිය යටතේ අන්තර් දිස්ත්‍රික් සංචිත දැල්පන්දු තරගාවලියක් සංවිධානය කිරීමට ඉදිරියේ දී සැලසුම් කර ඇතැයි ද ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය  කොළඹ මාධ්‍ය හමුවේදී පැවසීය.


අදහස් (0)

ජාතික දැල්පන්දු තරගාවලිය 20-21 වෙන්නප්පුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.