Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික ජූඩෝ ශූරතාව යුද හමුදාවට

ජාතික ජූඩෝ ශූරතාව යුද හමුදාවට

editorial - 2024 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ජුඩෝ සංගමය සංවිධානය කළ 60 වැනි ජාතික ජුඩෝ තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය. රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් සමගින් පිරිමි ශූරතාව දිනාගත් යුද හමුදාව, කාන්තා ශූරතාවට හිමිකම් කීවේ රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් සමගිනි. 

රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් දිනාගත් ගුවන් හමුදාව පිරිමි අනු ශූරතාවට හිමිකම් කී අතර රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගත් නාවික හමුදාව පිරිමි අංශයේ තෙවැනි ස්ථානයට පත් විය. 

ගුවන් හමුදාව කාන්තා අනු ශූරතාව හිමිකර ගත්තේ රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 6 ක්, ලෝකඩ පදක්කම් 4 ක් දිනාගනිමිනි. රන් පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගත් නාවික හමුදාව කාන්තා අංශයේ තෙවැනි ස්ථානයට පත් විය. 

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා ජුඩෝ සංගමයට අනුබද්ධ ක්‍රීඩා සමාජ 64 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 500 ක් පමණ සහභාගි වූහ. තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ චාමර ධර්මවර්ධනද, දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස යුද හමුදාවේ හිරුණි ඉමේෂාද සම්මාන හිමිකර ගත්හ. 


අදහස් (0)

ජාතික ජූඩෝ ශූරතාව යුද හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.