Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා අගෝස්තු 25 දාතමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් එහි කටයුතු පවත්වා ගෙන යාමේ නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා පත් කර තිබේ.
ඇමැතිවරයාගේ එම ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය, ශ්‍රී ලංකා මේසපන්දු සම්මේලනය හා ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය යන ජාතික ක්‍රීඩා සංගම් තුනක් පවත්වා ගෙන යාම සදහා එම පත් කිරීම කර තිබේ.
ඒ පිළිබඳව ඇමැතිවරයාගේ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීම සදහාත් නව නිලධාරීන් පත් කර ගැනීම සදහා වූ නිලවරණ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීම සදහාත් යනාදී සීමිත කාරණා සදහා 2025 අගොස්තු 25 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත් කෙරෙන බවයි.
ඒ අනුව ඉහත කටයුතු සම්පූර්ණ කර ගන්නා තෙක් එකී ජාතික ක්‍රීඩා සංගම්හි කාර්යයන් හා කළමනාකරණය පවත්වා ගෙන යාම සදහා ඔහුට බලය පවරා දෙන බවද එම ගැසට් නිවේදනයෙන් අමාත්‍යවරයා වැඩි දුරටත් දක්වා තිබේ.
ජාතික ක්‍රීඩා සංගම් පරිපාලන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් අක්‍රිය කරන අවස්ථා වලදී ඒ සම්බන්ධයෙන් නිසි බලධාරියා ලෙස බොහෝ විට පත්වීම් ලබන්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයායි.මෙහිදී සිදුවී ඇත්තේ හිස්ව පවතින එම ධූරය පිරවීමට මේ වන තෙක් ක්‍රියා නොකිරීමෙන් එය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැවරීමයි.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ මේ වන විට වැඩ බලන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩී. චන්දිරන් මහතාය.
සදුදා (25) නිකුත් වූ ක්‍රීඩා ඇමැතිවරයාගේ අළුත්ම ගැසට් නිවේදනයට අනුව ඉහත ජාතික ක්‍රීඩා සංගම් තුනක පරිපාලන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය පවරා ගැනීමත් සමග අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම පවතින ජාතික ක්‍රීඩා සංගම් ගණන ඊයේ වන විට හතක් දක්වා ඉහළ ගොස් තිබේ.
මීට පෙර ක්‍රීඩා ඇමැතිවරයාගේ නියෝගයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා භාරයට තාවකාළිකව පවරා ගත් ජාතික ක්‍රීඩා සංගම් හතරක් වන්නේ ශ්‍රී ලංකා දැල්පන්දු (නෙට්බෝල්) සම්මේලනය, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා (ඔටෝමොබයිල්) සංගමය, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය හා ශ්‍රී ලංකා රග්බි සංගමයයි.
පසුගිය අගෝස්තු 18 වැනිදා වන විට මීළග නිලවරණය (2025/27) පවත්වා අවසන් කිරීමට අපොහොසත්ව සිටින ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය හා ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ ක්‍රියාකාරිත්වය අත් හිටුවමින් ඒවා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරා ගැනීමේ ගැසට් නිවේදන ඉදිරියේදී ක්‍රීඩා ඇමැතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ඒ අනුව මෙරට දැනට ක්‍රියාත්මක ජාතික ක්‍රීඩා සංගම් 74 න් නවයක් තාවකාලිකව ක්‍රිඩා අමාත්‍යාංශයේ භාරයට සෘජුවම පත්වෙනු ඇත.ඒවායෙහි පරිපාලන හා නිලවරණ ආරවුල් එම තත්වය ඇති කිරීමට මූලිකවම බලපා තිබේ.
කෙසේවූවත් ක්‍රීඩා අමාත්‍යාංශය සදුදා ගැසට් නිවේදනයෙන් තාවකාළිකව පවරා ගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට එහිදී වඩාත් අවධානය යොමුවී තිබේ.එහි ආරංචි මාර්ග ඊයේ සදහන් කළ පරිදි ගැසට් නිවේදනය නිකුත්වූවත් ඒ සම්බන්ධයෙන් එම ආයතනයට නිල වශයෙන් තහවුරු කෙරෙන තොරතුරු කිසිවක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර නැත.
ඒ හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය දැනුවත් කිරීමක් කෙරෙන තුරු මලල ක්‍රීඩා ආයතනයේ දෛනික කටයුතු පවත්වා ගෙන යන බව ලංකාදීප ය කළ විමසුමකදී එහි ප්‍රධාන ලේකම් ධූරය දැරූ සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි.
මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය (2025-27) පසුගිය අගොස්තු18 වැනිදා පැවැත්වීමට නියමිතව තිබියදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා (රාජකාරී ආවරණ) විසින් සිකුරාදා (15) හදිසි නියෝගයකින් කල් දමනු ලැබීය. එහෙත් ඒ වන විටත් නාමයෝජනා හා නිලවරණ කමිටුවේ සාමාජිකයෙකුට එරෙහිව අභියාචනා කමිටුවට ඉදිරිපත්ව තිබූ විරෝධතා තුනක තීන්දු ප්‍රකාශයට පත් කර නොකර නිලවරණය පැවැත්වීමට ගෙන තිබූ උත්සහය දැඩි මතභේදයට තුඩුදී තිබුණි.
ඒ එයින් ක්‍රීඩා පනතේ නව රෙගුලාසි ක්‍රීඩා අමාත්‍යාංශය විසින්ම උල්ලංඝණය කර ඇතැයි චෝදනා ලැබීමය.මලල ක්‍රීඩා ආයතනයේ 2025 වාර්ෂික දේශීය තරග මාලා මේ වන විට පවත්වා අවසන් කර තිබේ. කෙසේවූවත් අභියාචනා කමිටුව සිය විරෝධතා තීන්දු තුන අද ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයිද වාර්තාවේ.
කෙසේවූවත් ලබන සැප්තැම්බර් 13 වැනිදා ආරම්භ වන ටෝකියෝ ලෝක මලල ක්‍රීඩා තරගාවලිය, ඔක්තෝබර් 22 වැනිදා ආරම්භ වන බහරේන් යොවුන් ආසියානු ක්‍රීඩා උළෙල හා ඉන්දියාවේදී අනතුරුව පැවැත්වෙන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව කණ්ඩායම් සූදානම් කරමින් සිටියදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලියාපදිංචිය මෙලෙස අගෝස්තු 25 වැනිදා සිට අත් හිටුවීමට ගත් තීරණය ලෝක මලල ක්‍රීඩා ආයතනයට නිල වශයෙන් දැනුම්දීමට එම ආයතනය තීරණය කර තිබේ. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිල නිවේදනය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට ලැබීමෙන් පසුවය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.