Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා 25 - 26

ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා 25 - 26

editorial - 2023 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


තරගාවලියේ නිල ඩිජිටල් මාධ්‍ය සහකරුවන් වන සන්ඩේ ටයිම්ස්, ඩේලිමිරර් සහ ලංකාදීප වෙනුවෙන් විජය ඩිජිටල් මීඩියා ප්‍රධානී (මෙහෙයුම්) ලංකා ප්‍රදීප් මහතා විසින් අනුග්‍රාහක සංකේත පත්‍රය තරගාවලියේ උපදේශිකා කුමාරි ග්‍රේරු මහත්මිය වෙත ප්‍රදානය කරන ලද අවස්ථාව.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසල් අතර පැවැත්වෙන ප්‍රමුඛතම මලල ක්‍රීඩා උළෙල වන "ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලිය මේ මස 25 සහ 26 දෙදින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙවර තරගාවලිය ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහය විසින් සංවිධානය කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසල් සම්මේලනයට අනුබද්ධිත පාසල් 23 ක පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2000 කට ආසන්න ප්‍රමාණයක් මෙවර තරගාවලියේ දී ක්‍රීඩා ඉසව් 104 සඳහා තරඟවැදීමට සූදානමින් සිටිති.

 

තරගාවලියට සහභාගි වන පාසල්
ආසියානු ජාත්‍යන්තර පාසල, බීවර් ජාත්‍යන්තර පාසල, කොළඹ බ්‍රිතාන්‍ය පාසල, බුහානි සෙරන්ඩිබ් පාසල, කොළඹ ජාත්‍යන්තර පාසල (කොළඹ ශාඛාව)  කොළඹ ජාත්‍යන්තර පාසල (මහනුවර ශාඛාව), එළිසබත් මෝයර් ජාත්‍යන්තර පාසල, කොළඹ සහ මහනුවර ගේට්වේ පාසල්, හොරයිසන් ජාත්‍යන්තර පාසල, ඉල්මා ජාත්‍යන්තර පාසල, ලීඩ්ස් ජාත්‍යන්තර පාසල, ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයට අයත්, නුගේගොඩ, පානදුර, වත්තල සහ රත්නපුර පාසල්, ඕ.කේ.අයි ජාත්‍යන්තර පාසල, ඕවර්සීස් ජාත්‍යන්තර පාසල, කොළඹ රෝයල් ජාත්‍යන්තර පාසල, ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසල, ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසල,කොළඹ සහ ගම්පහ විචර්ලි ජාත්‍යන්තර පාසල්

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා උළෙල නොපැවත්වුණ අතර එය ජාත්‍යන්තර පාසල් වල අධ්‍යාපනය ලබන අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම දක්ෂතා පෙන්වීමට බාධාවක් විය. කෙසේ වෙතත් කොවිඩ් තත්වයෙන් පසු සාමාන්‍යකරණයට ලක්ව ඇති පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ දැවැන්ත හා ආකර්ෂණීය පාසල් මලල ක්‍රීඩා අත්දැකීමක් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ලබා දීමට මෙවර තරගාවලියේදී අවස්ථාව ලැබෙන බව සංවිධායකයෝ කියති.

මෙවර ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ලයිසියම් කැම්පස් වෙතිනි. ඒස්ශ්‍රියල් මාර්කටින් (චැරියට්) සම අනුග්‍රහයද, පියර්සන් ශ්‍රී ලංකා, සිලෝන් බිස්කට්, විශේෂ අනුග්‍රාහකත්වයත්, ඩ්‍රීම් ටීම් මීඩියා මාධ්‍ය හවුල්කරු හැටියටද, සන්ඩේ ටයිම්ස්, ඩේලිමිරර්, ලංකාදීප නිල ඩිජිටල් මාධ්‍ය සහකරු හැටියට කටයුතු කරති. සම්පත් බැංකුව හා බරකා සන්නාමයන් ද ජාත්‍යන්තර පාසල් මළල ක්‍රීඩා උළෙලට අනුග්‍රාහකත්වය සපයයි.

 


අදහස් (0)

ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා 25 - 26

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.