Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාත්‍යන්තර චෙස් තරගාවලියක් අම්බලන්ගොඩදී

ජාත්‍යන්තර චෙස් තරගාවලියක් අම්බලන්ගොඩදී

දිලිනි මල්රුක්ෂි - 2014 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලීය ආදි චෙස් කී‍්‍රඩකයින්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘දම්සෝ’ ජාත්‍යන්තර චෙස් තරගාවලිය අපේ‍්‍රල් 30 (හෙට) සිට මැයි 04 දක්වා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය මුදලිඳු තෝමස් ද සිල්වා අනුස්මරණ රඟහලේ දී පැවැත්වේ.

මෙවර තරගාවලිය සඳහා ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, චීනය සහ ජර්මනිය ආදී රටවල් රැසක ප‍්‍රවීන චෙස් කී‍්‍රඩිකාවන් රැසක් සහභාගිවීමට නියමිතය. විවෘත හා කාන්තා  වශයෙන් අංශ දෙකක් යටතේ සංවිධානය කෙරෙන මෙම තරගාවලිය ජයග‍්‍රාහකයින් සඳහා වැඩිම ත්‍යාග මුදලක් පිරිනැමෙන තරගාවලිය ද වේ.

ස්විස් ක‍්‍රමය අනුව, තරග වට නමයකින් යුක්තව පැවැත්වෙන තරගාවලියේ ශූරයාට ‘දම්සෝ’ ජාත්‍යන්තර චෙස් කුසලාන සමග රන් පදක්කමක්ද ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් 75,000 ක්ද හිමිවේ.

විවෘත අංශයේ අනුශූරයාට රිදී පදක්කම සහ මුදලින් රුපියල් 50,000 ක්ද තෙවැනි ස්ථානය දිනාගන්නා ක‍්‍රීඩකයාට ලෝකඩ පදක්කම සමග රුපියල් 30,000 ක්ද පිරිනැමේ. සිවුවැනි සහ පස් වැනි ස්ථාන ලබන චෙස් කී‍්‍රඩකයන්ට රුපියල් 10,000 බැගින් ද හයවැනි ස්ථානයේ සිට 10වන ස්ථානය දක්වා රුපියල් 6000 ක් බැගින් ද පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

කාන්තා ශූරතාව හිමිකරගන්නා කී‍්‍රඩිකාවට ‘දම්සෝ’ ජාත්‍යන්තර චෙස් කුසලානය සමඟ රන් පදක්කම සහ මුදලින් රුපියල් 20,000 ක්ද අනුශූරියට රිදී පදක්කම හා රුපියල් 6000 ක්ද තෙවන ස්ථානයට ලෝකඩ පදක්කම සමග රුපියල් 4000 ක්ද පිරිනැමේ.


අදහස් (0)

ජාත්‍යන්තර චෙස් තරගාවලියක් අම්බලන්ගොඩදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.