ශ්‍රී ලංකා වුෂූ සම්මේලනය සංවිධානය කරන 14 වැනි ජාතික වුෂූ තරගාවලිය ලබන දෙසැම්බර් මස 2 වැනිදා සිට 5 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය තාවුලූ හා සන්දා යන අංශ දෙකෙන්ම පැවැත්වෙන අතර එහිදී කී‍්‍රඩකයන් වෙනුවෙන් බර පංති 11 ක් (කි. ග‍්‍රෑ. 48, 52, 56, 60, 65, 70, 75, 80, 85, 90, 90+) යටතේද, කී‍්‍රඩිකාවන් වෙනුවෙන් බර පංති 7 ක් (කි. ග‍්‍රෑ. 48, 52, 56, 60, 65, 70, 75) යටතේද තරග පැවැත්වේ.
තරගාවලියේ අයදුම්පත් භාරගැනීම නොවැම්බර් සහ 20 වැනිදායින් අවසන් වන අතර ඊට සහභාගීවීමට බලාපොරොත්තු වන තරගකරුවන් මානෙල් ධර්මකීර්ති මහතා, සභාපති, ශ්‍රී ලංකා වුෂූ සම්මේලනය, 63 එපිටමුල්ල පාර, පිටකොට්ටේ, කොට්ටේ යන ලිපිනයට අයදුම්පත් යොමු කළ යුතුය.
තරගාවලිය පිළිබඳ වැඩි දුර තොරතුරු 071-5351910 යන දුරකථන අංකය ඔස්සේ තරග කමිටු ලේකම් රුචිර බෝධිනාගොඩ මහතා ඇමතීමෙන් දැනගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.