Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති 21 වැනි ‘ජයවර්ධනපුර හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (18 වැනිදා) ජය පැරදුමකින් තොරව අවසන් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹා යමින් සිටි ආනන්ද ශ්‍රාස්ත්‍රාලය අද දිනයේදී තරගය නිමා වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 41 ක් ලබා සිටියේය.
ආනන්ද ශාස්ත්‍රාලයේ ආරාධනය මත ලකුණු 24 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශාන්ත ජෝන් ක්‍රීඩකයෝ, සියලු දෙනා දැවී ලකුණු 177 ක් රැස්කරමින් ආනන්ද ශාස්ත්‍රාලයට තරගය ජය ගැනීම සඳහා ලකුණු 154 ක ඉලක්කයක් ලබා දුන්හ.
පළමු දිනය වූ ඊයේ (17 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 127 ක් ලබා සිටි ආනන්ද ශාස්ත්‍රාලයට අද දිනයේදී කඩුලු 5 ක් දැවී සිය පළමු ඉනිමට එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 7 ක් පමණි. ඒ අනුව ඔවුහු කඩුලු 9 ක් දැවී ලකුණු 134 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා ශාන්ත ජෝන් විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියහ.
ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම - ඕවර 43.4 කදී සියලු දෙනා දැවී 110
(දිනුජ ගීත් 48, හංසක සාලින්ද 30/4, තිමිර මල්ෂාන් 14/2, සඳරු වික්‍රමරත්න 17/2)
ආනන්ද ශ්‍රාස්ත්‍රාලය පළමු ඉනිම - ඕවර 44.2 කදී කඩුලු 9 ක් දැවී 134
(සොනාර කරුණාතුංග 51, තිමිර මල්ෂාන් 27, බිම්සර අවිනාෂ් 21, මිතිල පූර්ණජිත් 27/3, තරුෂ සඳරුවන් 9/2)
ශාන්ත ජෝන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 75.2 කදී සියලු දෙනා දැවී 177
(කේෂාන් මලින්ද 55, අෂේන් මිලින්ද 32, හංසක සාලින්ද 37/3, බිම්සර අවිනාෂ් 53/3)
ආනන්ද ශ්‍රාස්ත්‍රාලය දෙවැනි ඉනිම - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 41
(තරුෂ සඳරුවන් 17/4)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.