ශ්රී ලංකා ජාතික බේස්බෝල් සංචිතයේ කී‍්‍රඩකයින්ගේ දක්ෂතා වර්ධනය කිරීම උදෙසා හිටපු ජපාන බේස්බෝල් ක‍්‍රීඩකයෙකු වූ රොයොටාරෝ හයකාවාගේ ප‍්‍රධානත්වයෙන් එක්දින පුහුණු වැඩමුළුවක් පැවැත්විණ. ශ්‍රී ලංකා බේස් බෝල් සම්මේලනයේ ආරාධනාවක් මත ජපානයේ කැන්සාස් විශ්වවිද්‍යාලයීය පැසිපන්දු කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙකු වූ හයකාවා මෙරටට පැමිණ ඇත.
මෙම වැඩමුළුවට පැමිණි හයකාවා මහතා ශ‍්‍රී ලංකා බේස්බෝල් ක‍්‍රීඩා තණ තිලි පිළිබඳව සතුටට පක්වූ බවත් ඉදිරියේදී පැවැත්වෙන ආසියානු බේස්බෝල් කුසලාන සඳහා සූදානම්වන ශ‍්‍රී ලංකා කණ්ඩායමට උපකාර කිරීමට කැමැත්ත පල කළ බව ශ‍්‍රී ලංකා ජාතික බේස්බෝල් සම්මේලනය නිවේදනය කරයි.
මේ අතර ශ‍්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායම මෙම වසරේදී සහභාගී වන පළමු අන්තර් ජාතික බේස්බෝල් තරගය ජපාන විශ්වවිද්‍යාලයීය කණ්ඩායමට එරෙහිව එළඹෙන 22 වැනිදා
හෝමාගම දියගම ජපන් මිත‍්‍රත්ව බේස්බෝල් ක‍්‍රී්ඩාංගණයේ දී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.