Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා රන්දේව්

ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා රන්දේව්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට කොළඹ රාජකීය විදුහලේ රන්දේව් පතිරණ සමත්විය. ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 60,596 ත් සමගින් තරගය අවසන් විට ඔහු ලබා සිටි මුළු ඡන්ද සංඛ්‍යාව 142,253 කි.

එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට කඳාන ද මැසිනොද් විදුහලේ ළහිරු වික‍්‍රමසිංහ පත්වූ අතර ගෙවීගිය සතිය තුළදී ළහිරු ඡන්ද 31,801 ක් ලබාගෙන ඇත. ඒ අනුව ළහිරුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 115,740 ක් දක්වා වර්ධනය වී තිබේ.

තරගයේ අවසන් සති කිහිපය තුළ වරින් වර ඡන්ද සටහනේ පෙරමුණ හුවමාරු කරගනිමින් ඉදිරියට පැමිණීමට මෙම කී‍්‍රඩකයන් දෙදෙනා සමත්වූහ. පසුගිය සතියේදී එහි පෙරමුණේ පසුවූ ළහිරු වික‍්‍රමසිංහ නැවතත් වරක් පසු පසට ඇද දමමින් රන්දේව් පතිරණ සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ ප‍්‍රථම ස්ථානය දිනාගත්තේය.

පානදුර රාජකීය විදුහලේ අඛිල ලක්ෂාන් සහ මහනුවර ති‍්‍රත්ව විදුහලේ රවීන් සේයර් පිළිවෙලන් ඡන්ද 8,424 ක් සහ ඡන්ද 3,114 ක් බැගින් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන වලට පත්වූහ.

නැගී එන පාසල් කාණ්ඩයේ ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට ශී‍්‍ර සුමංගල විදුහලේ ළහිරු විමුක්ති සමත්වූ අතර ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 1441 ත් සමගින් තරගය අවසන් වන විට ඔහු ඡන්ද 4,671 ලබා සිටියේය.

ඡන්ද 3,498 ක් ලබා සිටි ගාල්ල විද්‍යාලෝක විදුහලේ ධනුෂ්ක ළහිරු එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වූ අතර පසුගිය සතිය තුළදී ඔහුට ලබාගත හැකිවී ඇත්තේ ඡන්ද 321 ක් පමණි.

ගෙවීගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 2815 ත් සමග මුළු ඡන්ද 29,847 ක් ලබාගනිමින් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට ලේටන් පාර්ක් විදුහලේ රොමේෂ් මධුෂාන් සමත්ව තිබේ.

නුගේගොඩ ලයිසියම් විදුහලේ රසාංජන මල්ලිකාරච්චි ඡන්ද 5,067 ලබාගෙන එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර පසුගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 303 කි. 

 

සමස්ත ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා       පාසල  ඡන්ද
රන්දේව් පතිරණ කොළඹ රාජකීය විදුහල 142253
ළහිරු වික‍්‍රමසිංහ කඳාන ද මැසිනොද් විදුහල 115740
අකිල ලක්ෂාන්   පානදුර රාජකීය විදුහල 8424
රවීන් සේයර්  මහනුවර ති‍්‍රත්ව විදුහල 3114
මධුෂාන් චමීර  කොළඹ ඉසිපතන විදුහල 2990
පි‍්‍රයමාල් පෙරේරා   කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 2744
නිමේෂ් ගුණසිංහ කටුගස්තොට ශා. අන්තෝනි විදුහල 2729
ඒ. කේ. ටිරෝන් ගාල්ල රිච්මන්ඞ් විදුහල 2642
යශාන් සමරසිංහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 2595
කුසල් මෙන්ඩිස්   මොරටුව වේල්ස්කුමර විදුහල 2068

 

නැගීඑන පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා       පාසල  ඡන්ද
ළහිරු විමුක්ති පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 4671
ධනුෂ්ක ළහිරු  ගාල්ල විද්‍යාලෝක විදුහල  3498
කලණ හසරංග  මාතර රාහුල විදුහල 576
හර්ෂ රාජපක්ෂ මාතර රාහුල විදුහල 516
ලසිත ලක්ෂාන් මාතර ශාන්ත තෝමස් විදුහල 319
සචින් ජයකොඩි  වත්තල ශාන්ත අන්තෝනි විදුහල 140

 

අන්තර්ජාතික පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා       පාසල  ඡන්ද
රොමේෂ් මධුෂාන් ලේටන් පාර්ක් විදුහල 29,847
රසාංජන මල්ලිකාරච්චි නුගේගොඩ ලයිසියම් විදුහල 5,067
ෆර්සත් ෆාසල් කොළඹ ගේට්වේ විදුහල  319
නිමේෂ පෙරේරා වත්තල ලයිසියම් විදුහල  228

 

පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.

ත්‍යාග හිමිකරගත් පාඨකයෝ

1. ටී. එන්. පුට‍්‍රා, ඒ 2 ඒ, දුම්රිය නිවාස, කොතලාවලපුර, රත්මලාන   
2. ලාල් කල්දේරා, 146, ඇලබඩවත්ත, හැඳල, වත්තල  
3. ඒ. එච්. වීරසේන, 380/39, වලව්වත්ත, දඩල්ල, ගාල්ල
4. එස්. එච්. පල්ලෙවෙල, 111, පළවෙනි වීදිය, ජම්බුගස්මුල්ල පාර, නුගේගොඩ


- 036

 


අදහස් (0)

ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා රන්දේව්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.