Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජනනි - ජයනි පදක්කම් දිනති

ජනනි - ජයනි පදක්කම් දිනති

editorial - 2023 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ ‘බැංගලෝර් හිදි පැවැති සමස්ත ඉන්දීය පැරා මල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා ජනනි ධනංජනි මීටර් 100 (ටි-46- එක් අතතේ වැළමිටට පහළින්/ ඉහළින් අහිමි හේ ඒ හා සමාන කාන්ඩය -කාන්තා) ඉසව්වෙන් රන් පදක්ක්මක් දිනා ගැනීමට   සමත් වුවාය. ඇය තත්පර 13.71කට සිය ඉසව්ව නිම කළාය.

මෙම ඉසව්වේම තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් වන කුමුදිතා ඩයනි (ටී - 47 වෙනස් කුසලතා යටතේ) තත්පර 13.55 ක කාලයක් වාර්තා කරමින් රිදි පදක්කම දිනාගත්තාය.

මෙම ක්‍රීඩිකාවන් අතරින් ජනනි ටී- 46 කාණ්ඩය යටතේ දුර පැනීම (කාන්තා) ඉසව්වෙන් රිදි පදක්කමක් අත්කර ගත්තේ මීටර 4.92 දක්ෂතාවයක් දක්වමිනි. කුමුදිතා ඩයනි එහි ලෝකට පදක්කම ල්ද්දේ මීටර 4.26 කටය.

කුමුදිකා මේ වනවිට රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන්නීය. මෙම ක්‍රිඩිකාවන් දෙදෙනාගේ පුහුණුකරුවන් ලෙස දුමීර මධුරංග හා දිලුපා සෙනවිරත්න යන මහත්ම මහත්මීහු කටයුතු කරති.

- 223


අදහස් (0)

ජනනි - ජයනි පදක්කම් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.