Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චෙස් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

චෙස් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොට්ටාව, මත්තේගොඩ සුපර් නයිටිස් චෙස් විද්‍යායතනය පළමු වරට සංවිධානය කරන ‘සුපර් නයිට්ස් චෙස් ශූරතාවලිය’ මේ මස 24 සහ 25 දෙදින කොට්ටාව ධර්මපාල විද්‍යාලයේදී පැවැත්වේ.

වයස 8 න්, 10 න්, 12 න් සහ 16 න් පහළ බාලක සහ බාලිකා යන අංශ දෙකෙන්ම පැවැත්වෙන මෙම තරගාවලියට පාසල් සහ ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් තරගකරුවන්ට සහ තරගකාරියන්ට සහභාගි වියහැකිය.

වයස් කාණ්ඩවල බාලක සහ බාලිකා අංශ දෙකේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථානවලට රන්, රදී සහ ලෝකඩ පදක්කම් පිරිනැමෙන අතර පාසල් මට්ටමින් සමස්ත ශූරතාව පිරිනැමීමට නියමිතය.

ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ලියාපදිංචි කිරීම මේ මස 21 වැනිදා පස්වරු 2.00 සිට 5.00 දක්වා කොට්ටාව ධර්මපාල විද්‍යාලයේදී පැවැත්වේ. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0714707583 යන දුරකථනයෙන් හෝ ymihiranga@yahoo.com යන ඊමේල් ලිපිනයෙන් ලබාගත හැකිය.

 

- 048


අදහස් (0)

චෙස් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.