Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චෙරන්ත - විනෝලි මූලික වටයෙන්ම ඉවතට

චෙරන්ත - විනෝලි මූලික වටයෙන්ම ඉවතට

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිවුවැනි දිනය වූ අද (8 වැනිදා) පිහිනුම් ඉසව්වේ මූලික තරගවලට සහභාගි වූ චෙරන්ද ද සිල්වා සහ විනෝලි කළුආරච්චි එම ඉසව්වල අවසන් පූර්ව වටවලට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වූහ.

අද පැවැති පිරිමි මීටර් 100 සමනල ආර ඉසව්වේ මූලික තරගයකට සහභාගි වූ චෙරන්ත ද සිල්වා, තත්පර 55.91 ක කාලයක් වාර්තා කරමින් එම තරගයේ 6 වැනි ස්ථානයට පත්විය.

කාන්තා මීටර් 100 නිදහස් ආර ඉසව්වේ මූලික වටයේ තරගයට සහභාගි වූ විනෝලි කළුආරච්චි, 6 වැනියා ලෙස එම තරගය අවසන් කළාය. එහිදී ඇයට තරගය නිමා කිරීම සඳහා ගතවූ කාලය විනාඩියයි තත්පර 2 යි දශම 25 කි.

කෙසේ වුවත් එම ඉසව්වල අවසන් පූර්ව වටවලට සුදුසුකම් ලබාගැනීමට තරම් ඔවුන් දෙනොගේ තරග නිමි කාලයන් ප්‍රමාණවත් නොවීය.


ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ ඉසව්  

■    පිරිමි මීටර් 100 සමනල ආර ඉසව්ව (මූලික වටය)
6 වැනි ස්ථානය - චෙරන්ත ද සිල්වා (තත්පර 55.91)

■    කාන්තා මීටර් 100 නිදහස් ආර ඉසව්ව (මූලික වටය)
6 වැනි ස්ථානය - විනෝලි කළුආරච්චි මිනිත්තු 1:02.25)


- 036

 


අදහස් (0)

චෙරන්ත - විනෝලි මූලික වටයෙන්ම ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.