Last Update  :  2026-04-01 16:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චෙන්නායි පිල රාජස්ථාන් පරදවයි

චෙන්නායි පිල රාජස්ථාන් පරදවයි

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ රාංචි ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී චෙන්නායි සුපර්කිංග්ස් පිල සහ රාජස්ථාන් රෝයල්ස් පිල අතර අද (13 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 5 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර්කිංග්ස් පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 149 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර්කිංග්ස් පිල පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලූ 5 ක් අතැතිව එම ඉලක්කය පසුකර ගියේය.

පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 44 ක් රැුස්කළ ඞ්වේන් ස්මිත් චෙන්නායි පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර පන්දු 16 කින් නොදැවී ලකුණු 26 ක් රැුස්කළ නායක මහේන්ද්‍ර සිං දෝනි තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේය. ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත්විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 148 ක් ලබා ගත්තේය.

එහිදී නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ ෂේන් වොට්සන් වොට්සන් පන්දු 36 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 51 ක් රැස්කළේය.

අන්කිත් ශර්මා (30) සමග එක්ව රාජස්ථාන් පිලේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද වොට්සන් සමත්විය.

ලකුණු 31 කට කඩුලූ 3 ක් දවාගත් මොහිත් ශර්මා, චෙන්නායි පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

රාජස්ථාන් රෝයල්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 8 කට 148
(අන්කිත් ශර්මා 30, ෂේන් වොට්සන් 51, ස්ටුවට් බිනී නොදැවී 22, මොහිත් ශර්මා 31/3, රවින්ද්‍ර ජදේජා 18/2)

චෙන්නායි සුපර්කිංග්ස් පිල -  ඕවර 19.4 කදී කඩුලූ 5 කට 149
(ඞ්වේන් ස්මිත් 44, ෆෆ් ඩුප්ලෙසි 38, රවිචන්ද්‍රන් අෂ්වින් 14, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 26, අන්කිත් ශර්මා 20/2)

036


අදහස් (0)

චෙන්නායි පිල රාජස්ථාන් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.