Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චෙන්නායි කඩුලූ 7 කින් මුම්බායි පරදවයි

චෙන්නායි කඩුලූ 7 කින් මුම්බායි පරදවයි

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (25) පැවැති චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර දිනයේ දෙවැනි තරගයෙන් මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි පිල කඩුලූ 7 ක ජයක් ලැබීය.

චෙන්නායි පිතිකරුවෝ ලකුණු 142 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 19 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

නවසීලන්ත පිලේ නායක බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 53 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 71 ක් රැස් කරමින් චෙන්නායි ජයග‍්‍රහණය වේගවත් කළේය.

පළමුව පන්දුවට පහර දුන් මුම්බායි පිල වෙනුවෙන් නායක රෝහිත් ශර්මා පන්දු 41 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 50 ක් රැස් කළේය.

මුම්බායි පිල නියෝජනය කරන ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක ලසිත් මාලිංග  ඕවර හතරේදී ලකුණු 22 ක් ලබාදුන් අතර කඩුලූ දවා ගැනීමට නොහැකි විය.
මුම්බායි පිලේ නායක රෝහිත් ශර්මා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.


මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 141 (ආධිත්‍ය ටරි 23, ජේම්ස් ඇන්ඩසන් 39, රෝහිත් ශර්මා 50, කිරන් පොලාඞ් 12, මොහිට් ශර්මා 14/4)

චෙන්නායි සුපර් කිංග්ස් පිල  ඕවර 19 කදී කඩුලූ 3 ට 142 (ඞ්වේන් ස්මිත් 29, බ්‍රෙන්ඩන් මැකලම් නොදැවී 71, ෆෆ් ඩූ ප්ලීසිස් 20, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 14, හර්බජාන් සිං 27/2)

 

- 048

 


අදහස් (1)

චෙන්නායි කඩුලූ 7 කින් මුම්බායි පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.