Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චමීට එම්.ආර්.අයි ස්කෑන් පරීක්‍ෂණයක්

චමීට එම්.ආර්.අයි ස්කෑන් පරීක්‍ෂණයක්

editorial - 2024 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ සිට..)

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එම්.ආර්.අයි. ස්කෑන් පරීක්‍ෂණයක් සඳහා යොමුකරන ලද බව ශ්‍රී ලංකා කණ්ඩයමේ ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. ඔහුගේ දකුණු පාදයේ කලව මස්පිඬුවේ වේදනාවක් හේතුවෙන් මෙම පරීක්‍ෂණය කිරීමට නියමිතය. 

ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ඊයේ (09 වැනිදා) පැවැති එක්දින තරගයේදී පන්දු යවමින් සිටි දුෂ්මන්ත චමීර, සිය 8 වැනි ඕවරය අතර මග නවතා ක්‍රීඩාගාරයට ගියේය. පසුව චමීර විසින් යවමිත් තිබූ ඕවරය චරිත් අසලංක විසින් සම්පූර්ණ කරන ලදි. 

තරගයේදී හොඳින් පන්දු යවමින් සිටි දුෂ්මන්ත, ඕවර 7.3 ක් යවමින් ලකුණු 55 කට කඩුලු 2 ක් දවාගත්තේය. 
වෛද්‍ය වාර්තාවල තත්ත්වය අනුව දෙවැනි එක්දින තරගයේදී දුෂ්මන්ත ක්‍රීඩා කරන්නේද නැද්ද යන්න තීරණය කරන බව කණ්ඩායම් ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. පිතිකරුවන් 6 ක්, වේග පන්දු යවන්නන් 3 ක් සහ දඟ පන්දු යවන්නන් 2 ක් සමගින් තරගයට පිවිසීම ශ්‍රී ලංකා කණ්ඩායම දැනට අනුගමනය කරන සංයුතියයි. 

 


අදහස් (0)

චමීට එම්.ආර්.අයි ස්කෑන් පරීක්‍ෂණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.