Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චමරි අතපත්තුට පාසලෙන් උපහාර

චමරි අතපත්තුට පාසලෙන් උපහාර

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නව නායිකා චමරි අතපත්තු පිළිගැනිමේ උත්සවයක් මේ මස 9 වැනිදා පෙරවරුවේ එම විදුහලේදී පැවැත්වේ.

චමරි අතපත්තු 2001 වසරේ සිට 2009 වසර දක්වා ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර ඇය එම විදුහලේ කළා අංශයෙන් උසස් පෙළ හැදැරුවාය.

2003 වසරේ සිට එම විදුහල් ක‍්‍රිකට් පිල නියෝජනය කළ අතපත්තු 2007 වසරේ සිට නායිකාව ලෙස ද කටයුතු කළාය. ක‍්‍රීඩාවට සහ අධ්‍යාපනය එක දස්කම් දැක්වූ අතපත්තු 2009 වසරේ එම විදුහලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ද කටයුතු කළාය.
 
අතපත්තුගේ පළමු ක‍්‍රිකට් පුහුණුකරු ලෙස ජානක විජේතුංග මහතා කටයුතු කළ අතර මේ වන විට ඇය ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක‍්‍රිකට් පිල නියෝජනය කරන්නීය.  

මෙම උත්සවයට සසභාගි වන ලෙස එම විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ ලේකම් එම්. ආර්. රත්නායක මහතා සියලූම ආදි සිසුන්ට ආරාධනා කරයි.   

 

 - 048


අදහස් (0)

චමරි අතපත්තුට පාසලෙන් උපහාර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.