වැල්ලවත්ත කී‍්‍රඩා සමාජය සංවිධානය කළ ආධුනික සහ අතරමැදි කේවල මේසපන්දු තරගාවලියේ ආධුනික අංශයේ ශූරතා දිනාගැනීමට චමත් දීමන්ත සහ අයාල් චිට්ටි සමත්වූහ. අතරමැදි අංශයේ ශූරතා දිනාගැනීමට රවිඳු සචින්තන සහ මිහිරි මුණසිංහ සමත්වූහ.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවති මෙම තරගාවලියේ පිරිමි ආධුනික අවසන් තරගයේදී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ කුෂාන් තිලක්ෂණ පරාජය කරමින් යක්කල අනුර මධ්‍ය මහ විදුහලේ චමත් දීමන්ත එහි ශූරතාව දිනාගත්තේය.
කාන්තා ආධුනික ශූරතාව දිනාගැනීමට කොළඹ කාන්තා විදුහලේ අයාල් චිට්ටි සමත්වූ වූයේ එහි අවසන් තරගයේදී මාතර ශාන්ත මේරි කන්‍යාරාමයේ මිහිරි මුණසිංහ පරාජය කරමිනි.
පිරිමි ආධුනික ශූරතාව දිනාගත් යක්කල අනුර මධ්‍ය මහ විදුහලේ රවිඳු සචින්තන, අතරමැදි අවසන් මහ තරගයේදී පරාජයට පත් කළ එම විදුහලේම රවිඳු සචින්තන එහි ශූරතාව දිනාගැනීමට සමත්විය.
කාන්තා ආධුනික අවසන් මහ තරගයේදී කොළඹ කාන්තා විදුහලේ අයාල් චිට්ටි හමුවේ පරාජයට පත්වූ මාතර ශාන්ත මේරි කන්‍යාරාමයේ මිහිරි මුණසිංහ, අතරමැදි අවසන් මහ තරගයේදී බෝපිටිය ලොයාලා විදුහලේ මාෂා රවිහාරි පරාජය කරමින් ශූරතාව දිනාගත්තාය.
තරගාවලියේ වයස 18 න් පහළ බාලක ශූරතාව දිනාගැනීමට වත්තල ලයිසියම් විදුහලේ ශානක දිල්හාන් සමත්වූ අතර 18 පහළ බාලිකා ශූරතාව දිනාගැනීමට මාතර ශාන්ත මේරි කන්‍යාරාමයේ බුවනි හරින්දි සමත්වූවාය.
තරග ප‍්‍රතිඵල (බාලක)
වයස 8 න් පහළ
නෙත්සිළු ජයසුමන (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස තිසත් දම්හිරු (නාවලපිටිය අනුරුද්ධ විදුහල) පරාජය කරන ලදී. (11/08, 11/07)
වයස 10 න් පහළ
ආකේෂ් දීමන්ත (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස සෙනුත් මතීෂ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදී. (11/09, 11/07)
වයස 12 න් පහළ
සවිත් අදීප (රත්නපුර ශාන්ත තෝමස්) විසින් තරග වට 2-0 ක් ලෙස හංසක විජේසිරි (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදී. (11/09, 11/04)
වයස 15 න් පහළ
ලලන්ත අබේගුණසේකර (‘ප්ලේ ග‍්‍රවුන්ඞ්’ මේසපන්දු සංගමය) විසින් තරග වට 2-1 ක් ලෙස උදාර රණසිංහ (පානදුර ශ්‍රී සුමංගල විදුහල) පරාජය කරන ලදී. (06/11, 11/04, 12/10)
වයස 18 න් පහළ
ශානක දිල්හාන් (වත්තල ලයිසියම් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ලලන්ත අබේගුණසේකර (‘ප්ලේ ග‍්‍රවුන්ඞ්’ මේසපන්දු සංගමය) පරාජය කරන ලදී. (13/11, 13/11)
ආධුනික පිරිමි
චමත් දීමන්ත (යක්කල අනුර මධ්‍ය මහ විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස කුෂාන් තිලක්ෂණ (අම්බලන්ගොඩ ශ්‍රී චන්ද්‍රානන්ද විදුහල) පරාජය කරන ලදී. (11/07, 11/06)
අතරමැදි පිරිමි
රවිඳු සචින්තන (යක්කල අනුර මධ්‍ය මහ විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස චමත් දීමන්ත (යක්කල අනුර මධ්‍ය මහ විදුහල) පරාජය කරන ලදී. (13/7, 11/8)
තරග ප‍්‍රතිඵල (බාලිකා)
වයස 8 න් පහළ
ඔනෙලි ලෙහෙන්සා (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස මියෙසි නිම්සර (ඩෙන්සිල් කොබ්බෑකඩුව විදුහල) පරාජය කරන ලදී. (04/11, 11/03, 11/16)
වයස 10 න් පහළ
රවින්දි අබේගුණවර්ධන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස ඔෂදී උමයංගනා (ගල්කිස්ස බෞද්ධ කාන්තා විදුහල) පරාජය කරන ලදී. (11/06, 09/11, 11/06)
වයස 12 න් පහළ
පූජානි විතාරච්චි (මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමය) විසින් තරග වට 2-0 ක් ලෙස සාවිත‍්‍රි ලෝචනා (ගම්පහ සිරිකුරුස විදුහල) පරාජය කරන ලදී. (11/6, 11/5)
වයස 15 න් පහළ
දිනිති තත්මිණි (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස පාරමී මහගමගේ (මහනුවර හිල්වුඞ් විදුහල) පරාජය කරන ලදී. (2/11, 11/3, 11/8)
වයස 18 න් පහළ
බුවනි හරින්දි (මාතර ශාන්ත මේරි කන්‍යාරාමය) විසින් තරග වට 2-1 ක් ලෙස පාරමී මහගමගේ (මහනුවර හිල්වුඞ් විදුහල) පරාජය කරන ලදී. (5/11, 11/8, 11/9)
ආධුනික කාන්තා
අයලේ චිට්ටි (කොළඹ කාන්තා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස මිහිරි මුණසිංහ (මාතර ශාන්ත මේරි කන්‍යාරාමය) පරාජය කරන ලදී. (8/11, 12/10, 11/3)
අතරමැදි කාන්තා
මිහිරි මුණසිංහ (මාතර ශාන්ත මේරි කන්‍යාරාමය) විසින් තරග වට 2-0 ක් ලෙස මාෂා රවිහාරි (බෝපිටිය ලොයෙලා විදුහල) පරාජය කරන ලදී. (11/6, 11/7)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.