Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චන්දිමාල් ඩීමෝ පිලට ජය ගෙනේ

චන්දිමාල් ඩීමෝ පිලට ජය ගෙනේ

ශනුක අරවින්ද - 2014 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ එන්. සී. සී. කී‍්‍රඩාංගණයේදී පැවැති වෙළෙද සේවා කි‍්‍රකට් තරගාවලියේ තරගයකදී දිනේෂ් චන්දිමාල්ගේ අගනා ශතකය (නොදැවී 142) නිසා මාස් සිලූටා පිලට එරෙහිව ලකුණු 133 ක ජයක් අත්කර ගැනීමට ඩීමෝ පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 315 ක ඉලක්කයක් හඹාගිය මාස් සිලූටා පිලට  ඕවර 42.5 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 181 ක් පමණි. මාස් සිලූටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මහින්ද ආරියරත්න ලකුණු 52 ක් රැස්කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඩීමෝ පිල නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 314 ක් රැුස්කළ අතර ඞීමෝ ඉනිම ගොඩනැගීම සඳහා චන්දිමාල්ට මනා සහයක් දුන් නිපුන් කරුණාරත්න ලකුණු 54 ක් රැස්කළේය.

ඩීමෝ පිල -  ඕවර 50 කදී කඩුලූ 7 ක් දැවී 314
(දිනේෂ් චන්දිමාල් නොදැවී 142, නිපුන් කරුණානායක 54, බුද්ධික සංජීව 57/3)

මාස් සිලූටා පිල -  ඕවර 42.5 කදී සියලූ දෙනා දැවී 181
(මහින්ද ආරියරත්න 52, දෙනුවන් රාජකරුණා 41, නිපුන් කරුණානායක 0/2, රවීන් ශාමෙන් 23/2, මතීෂ රස්වන් 56/2)

-036


අදහස් (0)

චන්දිමාල් ඩීමෝ පිලට ජය ගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.