Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඞී. එස්. සේනානායක විදුහල සීමිත ඕවර ක‍්‍රිකට් ශූරතාව දිනයි

ඞී. එස්. සේනානායක විදුහල සීමිත ඕවර ක‍්‍රිකට් ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවූ වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන සමස්ත ලංකා සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ඞී. එස්. සේනානායක විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ ආනන්ද විදුහලට අනු ශූරතාව හිමිවිය.

බොරැල්ල පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ඞී. එස්. සේනානායක විදුහල් පිල ලකුණු 42 කින් ආනන්ද විදුහල පරාජය කළේය.

ආනන්ද විදුහලේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් ඞී. එස්. සේනානායක විදුහලට සාර්ථක ආරම්භයක් ගෙන එමින් ආරම්භක පිතිකරු තිමිල විද්‍යාසේකර පන්දු 62 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 62 ක් රැස්කිරීමට සමත් විය.

ආනන්ද විදුහල වෙනුවෙන් නායක සමූ අෂාන් අන්තයක් රැකගනිමින් පන්දු 103 කදී හතරේ පහර 17 ක් සහ හයේ පහර 9 ක් සමගින් ලකුණු 167 ක් රැස්කළ ද සෙසු පිතිකරුවන් ආසාර්ථක වීමෙන් පරාජය වැළද ගැනීමට සිදුවිය.


ඞී. එස්. සේනානායක විදුහල  ඕවර 50 යේදී සියලූ දෙනා දැවී 317
(තිමිල විද්‍යාසේකර 62, කවීන් බණ්ඩාර 34, උවින් බණ්ඩාර 36, අකිල් ඉන්හම් 22, විසල් අමිගොඩ 40, හරිත් මධුවන්ත 22, ටොරින් පිටිගල 49, ශිෆ්රාන් මුතාලිප් 25, සහන් ආරච්චිගේ 50/4, ඩිලංක සඳකැන් 39/2)

ආනන්ද විදුහල  ඕවර 43.3 කදී සියලූ දෙනා දැවී 275
(කවිෂ්ක අංජුල 21, සමූ අෂාන් 167, ඩිලංක සඳකැන් 19, අසෙල් ගිගේරා 16, හරිත් මධුවන්ත 48/3, සචින් බණ්ඩාර 55/2, රවීන් ද සිල්වා 44/2)

 


අදහස් (0)

ඞී. එස්. සේනානායක විදුහල සීමිත ඕවර ක‍්‍රිකට් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.