අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතිය යටතේ ගුවන් හමුදා පිල සහ සී. එච්. පිල අතර මේට්ලන්ඞ් පෙදෙසේදී අද (18) පස්වරුවේ පැවැති තරගයෙන් ගුවන් හමුදා පිල ලකුණු 16-14 ක තියුණු ජයක් ලැබීමට සමත් විය.
ජයග‍්‍රාහි ගුවන් හමුදා පිල උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු රැස් කළේය. සී. එච්. පිලට ගෝල 2 කින් ලකුණු එකතු විය.
සී. එච්. පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 7-3 ක් ලෙස පෙරමුණේ පසු වුවද ගුවන් හමුදා ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 13 ක් රැස්කරමින් පෙරමුණට පැමිණියේය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.